රජය සමඟ එක්වීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවට හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මහඇමති ධුර අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පවසයි.
මිය ගිය පුද්ගලයින්ගේ නම් වලට හිමි දුරකතන සිම්පත් භාවිත කරමින් අසභ්‍ය පණිවුඩ යැවීම හා කාන්තාවන් හා අශ්ලීල කතා බහෙහි යෙදුන තැනැත්තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.
මෙරට කලා ක්ෂෙත්රයේ නොමැකෙන නමක් රැන්දු ප්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මියන්මාර ප්රජාතන්ත්රවාදී නැෂනල් ලීගයේ නායිකා අවුන්සාන් සුකී සහ මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර හමුවක් එරටදී සිදුව තිබේ.
යාල ජාතික වනෝද්‍යානය අද (01)දා සිට මාසයක කාලයක් දෙස් විදෙස් සංචාරකයන් සඳහා වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේය.
අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රිය ‘අයිස් බකට් අභියෝගය’ ට අභියෝගයක් එල්ල කරන්නට ශ්‍රී ලාංකිකයන් පිරිසක් අලූත් අභියෝගයක් ආරම්භ කර තිබේ. අමුමිරිස් අභියෝගය ලෙස නම් කර ඇති මෙහිදී අභියෝග වන්නේ අමු මිරිස් කරල් තුනක් කා දැමීමයි.
යළි එජාපයට එක් වන්නට යයි රනිල් වික්‍රමසිංහ මහතා තමා ඇතුළු පිරිස්වලට ප්‍රසිද්ධියේ ආයාචනය කළද, තවමත් ඒ සඳහා කලයුතු ගතයුතු එකදු හෝ හරයාත්මක පියවරක් ගෙන නැති බවත්, අවම වශයෙන් පක්ෂයේ වගකිවයුතු කිසිවකු දුරකතනයෙන් හෝ කතා කොට නැති බවත් බස්නාහිර පළාත් සභාවේ එජාප හිටපු මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.