ගෝඨගේ ගෝලයෝ එක්ක බෑ - මංගල

Published in පුවත්
Friday, 06 March 2015 10:56

ආරක්ෂක බුද්ධි අංශවල සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔත්තුකරුවන් නව රජයේ ක්‍රියාමාර්ග වලට අකුල් හෙලමින්, විදේශීය රජයන් අතර ගොඩනැගෙමින් පවතින යහපත් සම්බන්ධතාවය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින්නේදැයි බරපතල සැකයක් මතුවී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පසුගියදා දිවයිනට පැමිණි දෙමල ජාතිකයින් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳවත්, වසරකට වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා ගෙන සිටින බාලේන්දිරන් ජෙයකුමාරි මහත්මිය සම්බන්ධයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජාත්‍යන්තර වශයෙන් එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කළේය.

බාලේන්දිරන් ජෙයකුමාරි මහත්මිය සම්බන්ධයෙන් චෝදනා නොතිබේනම්, තමාගේ උතුරු සංචාරයට පෙර ඇයව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට දැනුම්දී ඇතත් ආරක්ෂක බුද්ධි අංශ ඊට දැඩිව විරෝධය පල කල බව වාර්තාවේ.

එසේම, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානින් සමග සාකචජා ආරම්භ කල දිනයේම (මාර්තු 02) ප්‍රංශයේ සිට සිය මව බැලීමට පැමිණි මුරුගේසු භගිරදී සහ ඇගේ අට හැවිරිදි දියණිය පෙරළා පිටව යනවිට, ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනිණ. ඇය සති කිහිපයක් මෙරට රැඳී සිටියද අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිය.

විදේශ ඇමතිවරයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් කල දේශනයේ, පසුගිය රජයේ ඇතැම් නිලධාරීන්, වත්මන් රජයේ කටයුතු බාධා කරන බව සඳහන් කළේය.


- srilankamirror

සැබැඳි පුවත්


මංගල, මිනීමරු රාජපක්ෂලා රකින්න ඔබ වෙහෙසෙන්නේ ඇයි ?

ආණ්ඩුව වෙනස් උනාට රාජ්‍යය වෙනස් වෙලා නෑ. රාජපක්ෂලාගේ අය තාම මේකෙ ඉන්නේ - රාජිත

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us