ජාතික ආණ්ඩුවක සඳහා ශ්‍රී ලනීපය එකඟ වේ නම් කැබිනට් ඇමැතිධුර 12ක්වත් ශ්‍රි ලනීපයට අවශ්‍ය බවට මීට පෙර් යෝජන වී තිබිණි.
ඒ කෙසේ නමුත් මෙම ජාතික ආණ්ඩුව එළඹෙන මහ මැතිවරණයට පෙර බිහිවේද මහ මැතිවරණයෙන් පසුව බිහිවන්නේ ද යන්න තීරණාත්මක කරුණක් වී තිබේ. අප්‍රේල් 23 වන දින අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට එජාපයත් ජනතා විමුක්ති පෙරමුණත් මේ වන විට දැඩි ලෙස මත පළ කර තිබේ. එමෙන්ම ජාතික ආණ්ඩුව යනු දූෂිතයන් රැකීමේ උපක්‍රමයක් බවත් ජවිපෙ චෝදනා කරයි.