අන්තර්ජාතික දූෂණ සංජනන දර්ශකයේ තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත. ඉකුත් වසරේ 91වන ස්ථානයේ පසුවූ ශ‍්‍රී ලංකාව මේ වසර වන විට එම දර්ශකයේ 85 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම ඇති අතර රටවල් 177ක් ඇසුරෙන් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් මෙම දූෂණ සංජනන දර්ශකය සකස් කෙරිණි.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර අැත. ඊයේ රාති‍්‍රයේ පෞද්ගලික රූපවාහිණි නාලිකාවකින් විකාශය වු සජීවී වැඩසටහනක් අතරතුර එයට සම්බන්ධ වූ පුද්ගලයෙකු තමාට අපහාස වන ආකාරයට කතා කළ බව පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට ඉල්ලූම් කර ඇති සංඛ්‍යාවේ කැපී පෙනන අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයට පැනවුණු සම්බාධක ලිහිල් කිරීම සඳහා යුරෝපා අධිකරණය ගෙන ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව යුරෝපා සංගමය වෙත සිය ප‍්‍රසාදය පළ කරයි.
දේශපාලන කි‍්‍රයාකාරකම්වලට මුදල් සපයා ගැනීම සඳහා තම පක්ෂයට අයත් ඉඩමක්ද ඉකුත් දා විකුණා දැමූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ආණ්ඩුවට මෙන් හිතුමතේ වියදම් කිරීමට තම පක්ෂයට මුදල් නොමැති බව ඔහු පවසා සිටියේය.
සිවිල් වැසියන් 80 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු සහ යුද හමුදා කපිතාන්වරයෙකු ඝාතනය කර පුළුස්සා ඇති බවට සැකකෙරෙන මුලතිව් - ඔඩ්ඩුසුඩාන් සමූහ මිනීවලේ කැණීම් ඊයේ (02) ආරම්භ වුයේය. ඒ, අධිකරණ නියෝගයකට අනුවය.
ලංකාවේ දේශපාලඥයන් මේවනවිට සාම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු වලට අමතරව නව මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්ද උනන්දු වන බව පෙනේ. ඒ අනුව බොහෝ දේශපාලඥයන් තමාගේ කියා ෆේස්බුක් පිටුවක් යාවත්කාලීන කරයි. සාමන්‍යයෙන් ලංකාවේ දේශපාලඥයෙකුගේ ෆේස්බුක් පිටුවේ වැඩිපුර සිටිය යුත්තේ ලංකාවේ රසිකයන් වුවත් එසේ නොමැති දේශපාලඥයන් ගැනත් මේවනවිට අන්තර්ජාලයේ කතාබහක් ඇතිවී තිබේ.
බඩු මිල අහස උසට! රජගෙදර දිනක වියදම රුපියල් ලක්ෂ 250 යි
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පුරසාරම් දොඩන සංවර්ධන ව්‍යාපෘති සියල්ල තමන් ජනාධිපතිනිව සිටි සමයේ ආරම්භ කළ ඒවා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මිය පවසයි.