ජනාධිපතිවරණය නිසා පාප් වහන්සේගේ පැමිණීම අවිනිශ්චිතයි
අයවැය පරතරය අඩු කිරීම සඳහා වංචනික ක්‍රම වේදයක් අනුගමනය කරන බවට එක්සත් ජාතික පක්ෂය රජයට චෝදනාවක් එල්ල කරයි.
මාධ්‍ය කණ්ඩායම් සමග රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් සමහර ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වන්නේ ප්‍රචාරයක් ලබා ගෙන ප්‍රසිද්ධ වීමට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පවසයි.
අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' නමින් සංවිධානයක් ස්ථාපිත කර තිබේ.
බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව දේවස්ථානයක් තුළදී දුෂණය කළ බව කියන දේවගැතිවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, උඩු රැවුලක් නැති, මුළු ඇඟේ ම මයිල් ගහක් නැති, ටයි කෝට් දාන, හායි බායි කියලා කාත කරන, මේ රටේ ජන අනන්‍යතාවය නොතේරෙන අයකු බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
දූෂණ, වංචා සහ ගවේෂණාත්මක මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කොළඹ තිඹිරිගස්යායේ ජානකි හෝටලයකදී ඊයේ (15 ) පෙරවරුවේ සංවිධානය කළ වැඩමුළුවකට එරෙහිව නිර්නාමික ලිපි සහ දුරකථන තර්ජන හමුවේ වෙනත් ස්ථානයක පැවැත්වීමට සිදුවිය