පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අගලවත්තේදී, පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ඡන්ද ප්‍රචාරක රැළියේ වේදිකාව සදහා දුම්රිය දෙපාර්තමේන්තුව ලක්ෂ 50ක් වැය කර අැති බවත් ඒ සදහා සියලු වියදම් සිදුකර අැත්තේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයෙන් බවත් දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේය.

ම්ලේච්ඡත්වයෙන් ඔබ්බට ගිය ලෝකයේ සියළු රටවල මනුෂ්‍ය අවයව හා ශරීර කොටස් විවිධ පර්යේෂණ හා ප්‍රතිකාර සඳහා භාවිතයේදී දැඩි නීතිරීති වලට යටත්ව ඒම කටයුතු සිදුකරයි.එවැනි දැඩි නීතිමය සීමා පැනවීමේ අවශ්‍යතාවය වන්නේ මනුෂ්‍ය අවයව ජාවාරම් වැලැක්වීමත් ඒවා ලබාගැනීම උදෙසා කෘෘර ලෙස මිනිසුන් ඝාතනය කිරීම වැලැක්වීමටත්ය.

මෙරට බාරයේ තිබෙන සියලූම ඉන්දීය ධීවර යාත්‍රා අද(12) දිනයේ නිදහස් කරනු ලැබේ.

මෙරට අධිකරණ පද්ධතියට නව අධිකරණ සංකීර්ණ 05ක් එක් කිරීමට නියමිතය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට පරිසර සංවිධාන තීරණය කර අැත.

රාජ්‍ය බැංකුවල උකස් කර ඇති රණ් භාණ්ඩ අපේ‍්‍රල් මාසය තෙක් වෙන්දේසි නොකිරීමට දැනුම් දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රාජපක්ෂ පාලනයේ මැදිහත්වීමෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිදුකෙරුණු සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු සිවිල් සමාජ ක්‍රියා කාරීන් 'සිංහල කොටි'ලෙස හඳුන්වමින් ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් සිය මාධ්‍යය හසුරුවමින් සිටින 'නෙත් එෆ් එම්' ආයතන යේ ක්‍රියා කාරිත්වය සම්බන්ධයෙන් උදුල් ප්‍රේමරත්න මහතා ලංකාඩේලි වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා බවද ඔහු පැවැසීය.

අමෙරිකාවේ නිළ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද(12) අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හමුවීමට නියමිතය.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us