ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීමට දූෂිත හා නොසුදුසු පුද්ගලයින් අවශ්‍ය නැති  බව  සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ වත්කම් පරීක්ෂා කිරීමට පියවර ගන්නැයි මහාධිකරණය පොලිසියට නියෝග කර ඇත.

දැනට මහා පරිසර විනාශයක් කරමින් ඉදිකරන චීන වරාය නගරය නතර නොවන්නේ නම් නැවතත් ජනතා උද්ඝෙෂණ වලට යොමු වීමට ක්‍රියාකරන බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී එහි සැපයුම්කරුවන්ව සිටි ව්‍යාපාරිකයන් හා ආරක්ෂක අමාත්‍යංශයේම අතරමැදියන්ව සිටි දූෂිත නිළධාරීන් මේවන විට අලුත් ඇමැතිවරවයා හා පෙර කල සිදුකරමින් සිටි ගනුදෙනු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

ලබන පළමු වනදා සිට සියයට අටකින් බස් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී ඇත. අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ජාවේදී එම තීරණයට එළඹි බව බස් සංගම් පැවසුවේය.

ඉකුත් රජයේ රැකියා ක්‌ෂේත්‍රයකට සම්බන්ධ අමාත්‍යාංශයක් විසින් කිරිඅම්මාවරුන්ගේ දානයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ 20 ක්‌ වියදම් කර ඇති බව හෙළිවී ඇත.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මේ වන විට නිට්ටඹුව නගරයේ විරෝධතාවක් පැවැත්වේ.

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයාගැනීම සඳහා නව රජය දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඇය ඉල්ලා තිබේ.

ld add copy

Latest News

Connet With Us