ඉසිප්‍රියා ගැන හැදූ චිත්‍රපටයට ඉන්දියාවෙන් තහනමක්

Published in පුවත්
Tuesday, 26 May 2015 11:48

ඉන්දියාවේ චිත්‍රපටි අනුමැතිය සඳහා වූ මාධ්‍ය මණ්ඩලය මගින් පසුගිය යුධ සමයේ මරාදැමුණු රූපවාහිනී මාධ්‍යවේදී ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇතුලත් Porkalathil Oru Poo නම් දමිළ චිත්‍රපටයට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.

මෙයට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ මෙම චිත්‍රපටය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය පළුදුවිය හැකි බවයි.

මේ පිළිබඳව විරෝධය දක්වන එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ ගනේෂන් පවසන්නේ මිත්‍ර රටක් වුවද ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරිමක් පිළිබඳ විවේචනයක් කිරීමට අයිතියක් නොමැතිද යන්නයි.

ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංයේ වාර්තාවන්ගේ දෙමළ ජනමාධ්‍යවේදීනී ඉසිප්‍රියා ඝාතනය වී ඇත්තේ දෙපාර්ශවයේ සටන් ඇවිලෙමින් තිබූ ආරක්ෂක වළල්කදී යනුවෙන් සදහන් කර තිබුණත් චැනල්-4 නාලිකාව මගින් නිකුත් කරන ලද යුධ අපරාධ වීඩියෝ පටයක දැක්වුණේ ඉසිප්‍රියා ජීවග්‍රහණයෙන් හමුදා අත්අඩංගුවේ පසුවන අයුරුයි.

පසුගිය කාලය තුල යුද්ධය විවේචනය කරමින් සැදුනු බොහෝ චිත්‍රපටි තහනම් කරන ලද අතර එහිදී චැනල් 4 නාලිකාව මගින් නිර්මාණය කළ ‘No Fire Zone’ ‘Madras Café සහ ‘Inam’ යන චිත්‍රපට කැපී පෙනේ.

චිත්‍රපටි අනුමැතිය සඳහා වූ මාධ්‍ය මණ්ඩලයේ ප්‍රාදේශීය සභාපතිවරයෙක් වූ එස් වී සේකර් පවසන්නේ මෙම තහනම ක්‍රියාත්මක කරනු ලැබුවේ අසල්වැසි රටවල් සමඟ ඇති මිත්‍රත්වය පළුදු වන ආකාරයේ චිත්‍රපට නොපෙන්වීම පිළිබඳ ඇති නීති රීති වලට අනුකුලව බවයි. කෙසේවෙතත් ඔහු පවසන්නේ ඉන්දියාව තුල තහනම් වුවත් අධ්‍යක්ෂකවාරයට වෙනත් රටක පෙන්වීමේ තහනමක් නොමැති බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us