අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට ඉදිරියේදී පොහොර ලබාදීමේදී QR කේතයක් ලබාදීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පන්දහසකට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට බෙදීමෙන් සේවකයන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම මණ්ඩලයේ වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් තෙක් දැඩි කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (24 වැනිදා) ගන්නා බව එම වෘත්තිය සමිති නායකයෙක් පවසයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල රුපියල් හත්කෝටි හැටපන් ලක්ෂයකට අධික විශේෂ ත්‍යාග මුදල් පසුගිය වසරේ දී ත්‍යාගලාභීන් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Tuesday, 23 September 2025 07:09

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.

බෙලරුස් හි ජාතික ගුවන් සේවයවන බෙලවියා(Belavia) ගුවන්සේවය මේ වසර තුළ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වන බව නිවේදනය කර ඇත.

ld add copy

Connet With Us