අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ.

අද (02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී.

මේ දිනවල පවතින අධික උණුසුම, නිවසේ ඇති කරන සුරතල් සතුන්ට මාරාන්තික තත්ත්වයක් ඇති කිරීමට බලපා හැකි බව පශු වෛද්‍ය සෝබාත් විජයරත්න මහතා පවසයි.

වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබු පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8 අවසන් වුණි.

කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ වීදි ලාම්පු 12,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, පස්වරු 6ත් 10ත් අතර කාලය තුළ මුල් වටයේදී ඉන් 2,000ක් පමණ නිවා දැමීම සම්බන්ධව සාකච්ඡා කර තීරණ ගතයුතු බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවැසීය.

ශ්‍රී ලංකාවේ අලෙවි කරන කිතුල් පැණිවල නියමිත කිතුල් පැණි සාන්ද්‍රණය නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කරන ලද වෙළෙඳපළ පරීක්ෂාවකදී අනාවරණය කරගෙන තිබේ.

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

ld add copy

Connet With Us