දෙසැ. 24 දින වැල්ලම්පිටියේ දී පැවැත්වීමට නියමිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීමක් සදහා පොස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දී ඇත.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එළ‍ඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

තාරුණ්‍යට හෙටක් යටතේ කළ කී දේවල් සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන ලෙස සංධානයේ හිටපු ප්‍රාදේශිය සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා අද (22) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කළේය.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සියළුම දේශපාලන පක්ෂ සහ වෙනත් සංගම් එකතුව ගොඩනගාගෙන තිබෙන "සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකික එකමුතුව" මගින් ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක්, රාජ්‍ය දේපළ මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය, සාමය සහ සාධාරණයෙන් යුතු මැතිවරණයක් පවත්වනු යනුවෙන් රජයට බලකරන මහා උද්ඝෝෂණයක් හෙට (23) දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රබර් සදහා සහතික මිලක් නියම කල බව විදුලි සංදේශන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කැබිනට් මණ්ඩලයේ සිටියදී රටේ යහපත වෙනුවෙන් කිසිදු විවාදයක් නොකළ ශ්‍රී ලං.නි.ප. හිටපු මහලේකම්වරයා දැන් යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී.ලං.නි.ප. භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මරදාන ගොඩගේ ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘ගොඩගේ නවකතා අත්පිටපත් තරගය’ පළමු සම්මාන උළෙල පසුගිය 18 වන දින කොළ 07 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
ශ්‍රී ලංකා අධිකරන සේවා සංගමයේ වාර්ෂික මහ සමුළුවේ ආරාධිතයකු ලෙස  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂට පමණක් ආරාධනා කිරීම  එම ආයතනයේ ස්වාධීනත්වයට හා ගෞරවයට හේතු වන කරුණක් නොවන බව අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා නිවේදයයක් නිකුත් කරමින් පවසයි..

 

ld add copy

ක්‍රීඩා

Connet With Us