රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක් අද (24)  උදේ සිරිකොත ඉදිරිපිටට ගොස් විරෝධය පෑමත් ගල් ගැසීමත් නිසා පෙරලා ප්‍රහාරයක් එල්ල කිරීමට එජාප පාක්ෂිකයන් කටයුතු කරනු ලැබීය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් ඊයේ රුවන්වැල්ලේදී පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී අනුගමනය කළ ක‍්‍රියාමාර්ග අද ලොව බලවත් රටවල් පවා අනුගමනය කරන බවයි.

දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවයේ නියුතු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය ප‍්‍රදේශයේ සංවිධායක වරයෙකු ද වන ඒ.ඞී. ආරියදාස  සහෝදරයාට ඊයේ රාත‍්‍රි 12.30 ට පමණ ආණ්ඩුවේ මැර පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව එම සංගමයේ සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි.

විමල් විරවංශ මහතාගේ ගෝල බාලයන්  ලෙස වෙස් ගැන්වු අරක්ෂක අංශ සාමාජිකයන් හා අමාත්‍යංශ සේවකයන් පිරිසක් යොදවා තව සුළු මොහොතකින් එජාප මුලස්ථානය වන සිරිකොත මන්දිරය වැටලීමට සුදානම වන බව මිරිහාන පොලීසියෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි
වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම්, ලබන ජනවාරි මස පළමු වනදා සිට ආදායම් බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

වත්මන් රජය ජනතාවගේ මූලිකව අවශ්‍යවන භාණ්ඩ සඳහා බදු අයකරමින්, කැසිනෝ ව්‍යාපාර පවත්වන්නන්ට වසර 25ක බදු මුදල් ඉවත් කර ඇති බව ඊයේ (23) සෝලිස් හොටෙල් හිදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සාධාරණ සමාජයක් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ.

ප‍්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු පළිබෝධ නාශක පහක් තහනම් කර අැත. ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් නැමති පළිබෝධ නාශක පහ මෙලෙස තහනමට ලක් කර ඇත. මෙම තහනම නිකුත් කර අැත්තේ පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් ජී.ඒ.ඩබ්ලිව්. විජේසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගිනි.

රාජපක්ෂ පවුල් ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා වූ සංඝ ආඥාවක් ජාතික භික්ෂු එකමුතුව විසින් ඊයේ (23දා) කොළඹ හයිඩ් පිටියේදී ප්‍රකාශයට පත් කරන ලදී.

'හයිඩ් සම්මුතිය' ලෙස හැඳින්වෙන එම සම්මුතියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා මාතෘභූමිය චෞර පාලනයකින් හෙම්බත් කොට ජනතාව දුගී බවේ පතුලටම ඇද දමා නීතියද, ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද, නොතකන දුරාචාර, අපචාර, මිනීමැරුම්වලින් මෙන්ම හෙරොයින්, එතනෝල්, කැසිනෝවලින්ද රට වනසමින් ආගමික සහජීවනයද බිඳ දමා ජාතීන් අතර වෛරය අවුලා රට පරගැතියන්ගේ

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us