වීරකුමාරගේ පෝස්ටර් රැගත් කැබ් රථය යුධ හමුදාවට අයිති එකක් නොවේ (යු.හ නිවේදනය)-update

Published in පුවත්
Friday, 24 July 2015 15:40

අද (24) උදෑසන අත්අඩංගුවට ගැණුනු එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වීරකුමාර දිසානායක මහතාගේ පෝස්ටර් තොගයක් රැගත් කැබ්රථය යුධ හමුදාවට අයත් වාහනයක් නොවන බවත් එම රථය තුළ යුද්ධ හමුදාවට අයත් සාමාජිකයින් කිසිවෙක් ගමන් නොකළ බවත් යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර අැත.

හමුදා අංක තහඩුවක් හා තවත් අංක තහඩුවක් සවිකර තිබූ මෙම සුදුපැහැති කැබ්රථයේ තිබී පෝස්ටර් 4500ට අධික තොගයක් හමුවූ අතර ඒ සමග පුද්ගලයින් දෙදෙනෙකුද කැබිතිගොල්ලෑව, කොන්ගොල්ලාව ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන ගැනුණි.

මේ අනුව මෙහි තිබූ හමුදා අංක තහඩුව ව්‍යාජ එකක් බවත් එය යුධ හමුදාව සමග කිසිම අාකාරයක සම්බන්ධයක් නැති බව දැන් අනාවරණය වී අැත.

යුධ හමුදා මූලස්ථානය නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

Kebithigollewa1

Kebithigollewa2

හොර අංක සහිත සුදු කැබ් රථයක් ඡන්ද වැඩට යොදවලා

හමුදා අංක තහඩුවක් හා තවත් අංක තහඩුවක් සවිකර තිබූ සුදුපැහැති කැබ්රථයක තිබී අනුරාධපුර සන්ධාන අපේක්ෂකයෙකුගේ පෝස්ටර් 4500ට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කැබිතිගොල්ලෑව, කොන්ගොල්ලාව ප්‍රදේශයේදී අද (24)අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අද අළුයම 2.20ට පමණ මෙම කැබ්රථය පරික්ෂා කළ අවස්ථාවේදී එම කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ කැබ් රථයේ මතුපිට අංක තහඩුව යටින් හමුදා අංක තහඩුවක් ද තිබී ඇති අතර මතුපිට අංක තහඩුව අනුරාධපුර, පරගස්වැන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට ලියාපදිංචි කළ අංක තහඩුවක් බව අනාවරණය වී තිබේ.

හමුදා අංක තහඩුව ව්‍යාජ එකක්දැයි සැකයක් මතුව ඇති අතර මේ ගැන වැඩිදුරටත් කැබිතිගොල්ලෑව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා 37 හැවිරිදි හා 44 හැවිරිද වන අතර ඔවුන් කහටගස්දිගිලිය හා මැදවච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් දෙදෙනා අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධීය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වීරකුමාර දිසානායක මහතාටය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us