අලූත්ම බුද්ධි අංශ වාර්තාව මෙන්න ! දිස්ත්‍රික්ක unp 10, upfa 9, tna 3

Published in පුවත්
Saturday, 25 July 2015 09:14

ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.

ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.


මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.

කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර
දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.

පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.

එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

- සත්හඬ - ඉරිදා පුවත්පත

election-2015

Last modified on Saturday, 25 July 2015 09:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us