'ගෝල්ඩන් කී' මුදල් යළි ගෙවීම මහින්දලා කර ඇරියා

Published in පුවත්
Saturday, 25 July 2015 09:21

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවීමට පසු ගිය රජයට කිසිදු වුවමනාවක්‌ නොතිබූ බවත් වර්තමාන රජයේ දින සියයේ වැඩසටහන යටතේ ඔවුන්ගේ තැන්පතු මුදලින් 41% ක්‌ ආපසු ගෙවීමට හැකි වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ඔහු මේ බව පැවසුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පළමු කාණ්‌ඩයට තැන්පත් මුදලින් කොටසක්‌ ගෙවීම සඳහා ඊයේ (24 ) බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදීය.

ඊයේ (24 දා) පෙරවරුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පළමු කාණ්‌ඩයට ඔවුන්ගේ තැන්පත් මුදලින් 41% ක්‌ ගෙවීම සඳහා කොළඹ බණ්‌ඩාරනායක සමරු ශාලාවේ පැවැති රැස්‌වීමකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන් ඔවුන්ගේ තැන්පත් මුදල් ආපසු ලබාගන්න නොහැකිව ඇති වූ මානසික පීඩනයෙන් එකසිය හැටදෙනෙකු මියගොස්‌ තිබෙනවා. අපි රජයක්‌ විදියට ඒ ගැන කනගාටු වෙනවා. පසු ගිය රාජපක්‍ෂ රෙජිමය මේ ගෝල්ඩන් කී මූල්‍ය සමාගමට අයත් දේපළ වැරදි විදිහට පාවිච්චි කරලා තිබෙනවා. ඒ නිසයි අපිට මේ ගෙවීම් කරන්න ප්‍රමාද වෙන්න වුණේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මුදල් ඇමැති රවි කරුණානායක මහතා
අපි ඒකාධිපති පාලනය ඉවර කරලා මනුෂ්‍ය පාලනයක්‌ ස්‌ථාවර කර තිබෙනවා. ඒ නිසා අපේ රජයට මනුෂ්‍යයන්ගේ අමාරුකම් දැනෙනවා. අද රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 4,35,000 ක්‌ වෙලා. අපිට පසුගිය රජය බාර දුන්නේ ඝාතනයට ලක්‌වූ ආර්ථිකයක්‌. නමුත් අද අපි ක්‍රම ක්‍රමයෙන් මේ රටේ ආර්ථිකය ගොඩනඟලා ජනතාවට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක්‌ නිර්මාණය කරනවා.

මෙම අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන අයද සහභාගී වූහ.

golden-key1

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us