සන්ධානයේ මනාප වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේවන විට ඇතිවී තිබෙන උණුසුම් කාරීත්වය මත ඒ ඒ ආසන නියෝජනය කරන සන්ධාන අපේක්ෂකයන් කිහිප දෙනෙකු එක් වී, පැරෂුට් කාරයන්ට මනාප දීමෙන් පලක් නොවන බවත් ගමේ මිනිහාට වැඩක් කරගන්න නම් ගමේ එකාව පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව පැහැදිලි කරමින් සිය ඡන්ද දායකයන් දැනුවත් කිරීමේ ව්‍යාපාරය මේ වන විටත් සිදුවෙමින් පැවැතියත් ඉදිරියේදී ඒ වඩා සංවිධානාත්මකව සිදු කිරීමට නියමිතය.
මෙහිදී ඔවුන් ඉලක්ක කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරුන්ය.
රාජපක්ෂ මහතාගේ ආගමනය නිසා තමන්ට පාර්ලිමේන්තු වරම අහිමි විය හැකි බව සන්ධාන අපේක්ෂකයෝ කිහිප දෙනෙකුම දෙගිඩියාවෙන් පසුවේ.