විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු වහා පහල දමනු! (photos/video)

Published in පුවත්
Tuesday, 21 July 2015 14:19

විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස ඉල්ලමින් විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 217කි. ඒ අනුව මෙම සත්‍යග්‍රහයේ දිගුවක් ලෙස අද(21) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැමිණි සිසුන් ගස්තු වැඩිවීමට විරෝධය පළ කර සිටියේය. එහිදී අදහස් දක්වමින් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම ගැටලුවට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස පරිපාලනයට බලකර සිටින බවයි.

මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු සම්බන්ධයෙන් දැවැන්ත අර්බුධයක් පැන නැගී ඇති බවත් වසර 30 ක් පුරාවට පැවති සාම්ප්‍රදායික විවෘත විශ්වවිදයාලයීය ගාස්තු සියයට දහයකින් වැඩිවීම දැන් 180% ක් දක්වා වැඩිවී ඇති බව පැවසුවේය .එය ගාස්තුවක් ලෙස දක්වනවානම් රු 10,000ක් වූ මුදල දැන් රුපියල් හැටදහස ,ලක්ෂය දක්වා වැඩිවීමකි.

මෙම තත්වය ළමුන්ගේ නිදහස් අධ්‍යාපනය උල්ලංඝනය කිරීමේ දැවැන්ත තර්ජනයක් බවත් ඒ නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේ අරමුණින් අද දින කොටුව දුම්රිය පළ ඉදිරිපිටට වී බලකර සිටින්නේ රජයන් දෙකක් යටතේ ලබා නොදුන් විසදුම හැකි ඉක්මනින් ලබා දෙන ලෙසයි යනුවෙන් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය. එසේ නොවුණහොත් ඉදිරියේදී දැවැන්ත පියවරකට යන බවත් නිදහස් අධ්‍යාපනය ඉදිරි පරම්පරාවටද උරුමකර දීම සදහා දිගින් දිගටම සටන් කරන බව පැවසුවේය.

මෙම අවස්ථාවට සමගාමිව ‍දිවයිනේ තවත් ස්ථාන හයකද මෙම විරෝධතාව පැවැත්වේ.

කෙසේ වුවත් කලින් පැවති රාජපක්ෂ ආණ්ඩුව සිසුන්ට එරෙහිව ගෙනගිය බලගතු මර්දනය යටතේ විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සිසුන්ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට පහර පිට පහර එල්ල කරමින් කටයුතු කළේය. රාජපක්ෂ පාලනයේදී විශ්ව විද්‍යාල පරිපාලනය සමග එක්ව විශ්ව විද්‍යාල ලාභ උපදවන ආයතනයන් බවට පත් කිරීමට දැරූ උත්සාහයද අපට අමතක නැත.වත්මන් ආණ්ඩුව වෙනසක් කිරීමට පැමිණියානම් පසුගිය ආණ්ඩුව යටතේ ශිෂ්‍යන් මුහුණ පා ඇති ගැටළුවට විසදුම් ලබා දීමට කන් නොදෙන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ. කෙසේ වුවත් රාජපක්ෂලා ශිෂයින්ට සැලකූ ආකාරයට වඩා වැඩි යමක් වත්මන් ආණ්ඩුවෙන්ද අපේක්ෂා කළ නොහැකි බව දැන් දැන් පැහැදිලිවම පෙනෙන්නකි.

අවාසනාවට කරුණ වන්නේ මෙවැනි තත්වයක් මත සාමාන්‍ය පවුලක දරුවෙකුට විවෘත විශ්ව විද්‍යාලයට ඇතුලුවිය නොහැකි තත්වයක් ඉදිරියේදී උද්ගත වීමයි. පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට කමිටුවක් පත්කර එයට විසදුම් ලබා දෙන බව පැවසූවත් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කවර හෝ පියවරක් ගෙන නොමැත.

උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට යොමුව සිටීන, විශේෂයෙන්ම ලක්ෂ ගනනින් මුදල් අය කෙරෙන පුද්ගලික පාඨමාලා සඳහා වියදම් කිරීමට අතමිට නැති පවුල්වල දරුවනට මෙම විවෘත විශ්ව විද්‍යාලය යම් අස්වැසිල්ලක් වූවකි.එහෙත් පාඨමාලා ගාස්තු වැඩි කිරීම තුළ නිදහස් අධ්‍යාපනය උල්ලංගනය කිරීමට පාලකයන් කටයුතු කරන්නේ නම් එය විශාල අපරාධයක් මෙන්ම අසාධාරණයකි.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

{youtube}AmXZGZarzHA{/youtube} 

open 1

open 2

open 3

open 4

open 5

open 6

open 7

 

Last modified on Tuesday, 21 July 2015 14:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us