ඩිලාන්, චෝදනා ලැබූවන්ට නාමයෝජනා නැතිනම් මහින්දට ලැබුණේ කොහොමද ?

Published in පුවත්
Tuesday, 21 July 2015 14:31

චෝදනා ලැබූ පුද්ගලයින්ට නාමයෝජනා ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සාධනීය පියවරක් ගත් නමුත් එක්සත් ජාතික පක්ෂය එවන් උත්සාහයක් හෝ නොගත් බවත් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පවසා තිබුණි.

ඇත්තය, දූෂණයට එරෙහිව සමාජයෙන් එල්ලවූ දැඩි පීඩයන හමුවේ හිටපු අමාත්‍ය සහ මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සරණ ගුණවර්ධන සහ සජින් වාස් ගුණවර්ධන යන අයට නාමයෝජනා ලබා නොදීමට සන්ධාන නාමයෝජනා කමිටුව ක්‍රියා කර තිබුණි බවක් පෙන්වීමට උත්සහ කළේය.

දූෂණ චෝදනා ලැබූවන්ට නාම යෝජනා නොදීමේ තීන්දුවක සන්ධානය සිටියේනම් මහින්ද රජපක්ෂට කෙසේවත් නාම යෝජනා ලැබීමේ ඉඩක් පවතින්නට විදිහක් නැත.

එහෙත් පෙර කී සිව් දෙනාට නාම යෝජනා නොලැබීමේ ඇත්ත හේතුව එය නොවේ. දුමින්දව කැපුවේ ඔහුගේ සොහොයුරා රෙනෝ දෙ සිල්වා එජාපයට සහය දැක්වීම හා සුසිල්ප්‍රේම ජයන්තට, විමල් වීරවංශට දිනේශ් ගුණවර්ධනට කොළඹින් ඉහළම මනාප ගැනිමට ඉඩ සැලසීමටය. සජින් වාස්ට නොදුන්නේ ඔහු රාජපක්ෂ පවුලේ පුත්‍රයන්ට කාන්තා ශරීරවල පහස ලබා ගැනීමට හුරු පුරුදු කළ බවට ආර්යාවගෙන් ලැබුණු පැමිණිල්ල මතය. එහෙත් සජින් වාස් මෙවර රාජපක්ෂ වෙනුවෙන් කෝටි ගනණින් වැය කරමින් තිබේ. මර්වින් සිල්වාට දුෂණ චෝදානා නැත ඇත්තේ ගස් බැඳපු කතාවය, එහෙත් මර්වින් මහින්ද ,ගෝඨා මිනී මරපු හැටි හෙළි කළේය. ඔහු රාජපක්ෂවරුන්ගේ ප්‍රධාන හතුර බවට පත්ව තිබේ. සරණ ගුණවර්ධනට නොදුන්නාට ඔහුගේ බිරිඳට දී තිබේ. බිරිඳගේ මැතිවරන ව්‍යාපාරය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ විසින්ය.

නමුත් ගැටළුව වන්නේ මොවුන් දූෂිතයන් බව සන්ධානය පිළිගන්නේ නම් තමන් අත බලය තිබුණු කාලසීමාවේ මෙකී චෝදනා ලද්දන්ට එරෙහිව මෙම සන්ධාන නායකයින් කළේ කුමක්ද යන්නයි.

පසුගිය ජනාධිපතිවරණය පරාජය වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය අහිමි කළේ රාජපක්ෂ පවුලට එරෙහිව නැඟුණු ප්‍රබල වංචා, දූෂණ,ඝාතන සහ අතුරුදන් කිරීම් චෝදනාවන් ය. ඒ සියල්ලෙහි මූලික වග උත්තර කරුවා වන මහින්ද රාජපක්ෂව සිය මැතිවරණ මෙහෙයුම් කමිටුවෙහි ප්‍රධානියා ලෙස පත් කරගත් එජනිසය දැන් එජාපයට කියන්නේ තමුන් නම් සුදනන් වූ බවත් අරුන් එසේ නොකළ බවත් ය. මහින්ද රාජපක්ෂ මේ දිනවල නිතර භාවිතා කරන අව්‍යක්ත භාෂාවෙන් ම කියනවා නම් මේවා වඳුරු කුණුහරුප ය.

අනෙත් අතින් සන්ධාන ලැයිස්තුවේ දැනට ඉන්නා ඩිලාන් පටන් ඉතිරි අය සියල්ලද නෙළුම් මලෙන් උපන් කුමාරවරු නොවේ. ඉතාම බරපතළ දූෂණ චෝදනා එල්ල වූ ඇමතිවරුන් අතුරින් නාමයෝජනා නොලැබී ඇත්තේ හතර දෙනෙකුට පමණි. ඉතිරි දූෂිතයෝ එක්ව දැන් වටේටම ඇඟිලි දිගු කරති. කෙසේ නමුත් දූෂණ චෝදනා මත හතර දෙනෙකුට හෝ නාම යෝජනා ලබා නොදෙන සාධනීය තැනට අන්ත දූෂිත සන්ධානය පවා පත් කළ, මහින්ද විරෝධී ජනතා ක්‍රියාකාරීත්වයට ස්තූතිවන්ත විය යුතුය.

තුශාරිකා විතානගේ

Last modified on Tuesday, 21 July 2015 15:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us