ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සිය ධූරයෙන් ඉවත් නොවනු ඇති බවත්, ඔහු ඊළඟ නිලවරණය තෙක් එම තනතුරේ කටයුතු කරනු ඇති බවත් ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචි  මාර්ග පවසයි.

ලංකා දුම්කොළ සමාගම විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ පැවැත්වූ වැඩසටහනකට ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේගේ විරෝධය පළ විය.

සරසවි වරම් ප්‍රදානය කිරීමේ දීත් දේශපාලන මැදිහත් වීම් සිදු කෙරෙන ආකාරය ඉස්මතු කෙරෙන වාර්තාවක් මේ දිනවල මාධ්‍ය මගින් සාකච්ඡා වෙමින් පවතී.

කොළඹ නගරයේ එකතු කරන කුණු සහ අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාරුව ප්‍රදේශයට බැහැර කරමින් මුළු ප්‍රදේශයම පරිසර හානියකට බඳුන් කිරීමේ වැඩ පිළිවෙලකට කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිඛෙන අතර එයට 'පුත්තලම ජනතා හඬ' නමැති ව්‍යාපාරය,  තම බලවත් විරෝධය ප්‍රකාශ කර තිබේ.

ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදී දිනිඳු යශේන් දරුවා පැහැරගත් කප්පම් කල්ලිය භාවිත කළ ජංගම දුරකථන සිම් කාඩ්පතක්‌ සම්බන්ධයෙන් සිදුකල විමර්ශන හමුවේ එම සිම්පත් කිසිදු වගකීමකින් තොරව නිකුත් කොට ඇත්තේ එටිසලාට් ජංගම දුරකථන ජාලය බව හෙළිවී තිබේ.

අද මෙසේ විශාල නියඟයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ මිනිසා පරිසරයට සිදු කරන විනාශ කාරී කටයුතුවල ප‍්‍රතිඵල වශයෙන් යයි කථානායක චමල් රාජපක්ෂ මහතා ලූණුගම්වෙහෙර අලූත් සහල් මංගල්‍යයේ දී ගොවි ජනතාව අමතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර පැන නැගී ඇති ආරවුල් උග්‍ර තත්ත්වයට පත්වීම හේතුවෙන් එය විසඳීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී ඇතැයි වාර්තා වේ.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් වූ දිනිඳු යශේන් පැහැර ගැනීමේ සිද්ධිය මුලින්ම වාර්තා වුණේ පසුගිය මස 28 වන දායි. අගෝස්තු 2 වන දා නිරුපද්‍රිතව දරුවා සොයා ගැනීමට පොලීසිය සමත් වුනි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us