ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂකයන්ට ඇප ලැබුනේ කෙසේද ?

Published in පුවත්
Wednesday, 22 July 2015 09:35

සඳුදා රාත්‍රී 07.30 ට පමණ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුදුවෑන් රථය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති එකක් බව හෙළිවී තිබේ. මෙම වෑන් රථය WP JH 9244 දරන අංකය යටතේ ලියාපදිංචි කරඇති අතර එය යාපනය ප්‍රදේශයෙන් පැහැරගෙන ආ එකක් බව මිරිහාන පොලීසිය විසින් කරන ලද විමර්ශනයකදී හෙළිවී තිබේ.

මෙම WP JH 9244 අංකය යටතේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කර ඇත්තේ කොටහේන, ඇල්වින් පෙදෙසේ, අංක 62/05 ස්ථානයේ පිහිටි, එංජිනියර් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් නැමැති සමාගමට අයත් එකක් වන අතර එය ප්‍රථමවරට ලියාපදිංචි කර ඇත්තේ 2004 වසරේ අගෝස්තු 14 වන දිනය. ඒ අනුව මෙම වෑන් රථයට යොදාතිබූ අංක තහඩුව ව්‍යාජ එකක් බවට තහවුරු කරගෙන ඇත.

මෙම වෑන් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ පොළොන්නරුවේ පදිංචි ඒ.එම්.එච්.එස්. අතපත්තු (අංක PTE 07 D 01581) නැමැති යුද හමුදා සෙබළෙකි. අනෙක් සෙබළා බිබිලේ පදිංචි එච්.එම්.එස්.එස්. හේරත් (අංක PTE 320350) නැමැත්තෙකි. අනෙක් තැනැත්තා වන්නේ කමාන්ඩෝ සෙබළෙකු වන ඕමල්පේ පදිංචි වසන්ත නැමැත්තෙකි.

මොවුන් ලඟ තිබී මිලිමීටර් 09 වර්ගයේ 245 PR 12316 දරන රිවෝල්වරය හා මිලිමීටර් 09 ජීවඋණ්ඩ 13ක් සොයාගෙන තිබේ. මෙම රිවෝල්වරය භාවිතා කරන ලද සෙබළා විසින් 2009 වසරේ සිට තමන් මෙය පාවිච්චි කරනු ලබන බව පොලීසියට පාපෝච්ඡාරණය කොට තිබේ. ඔහුට මෙය ලබාදී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවය. මෙම ගිනිඅවිය නීතිවිරෝධී එකක් බවට යුද හමුදාව ප්‍රකාශ කරයි. බලපත්‍ර රහිත මෙවැනි අවියක් නීතිවිරෝධී ආකාරයෙන් සන්තකයේ තබාගැනීම ඇප ලබාදිය නොහැකි වරදකි. කෙසේ වුවද මෙම පුද්ගලයන් තිදෙනා අද (21) ගංගොඩවිල මහේස්‍ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත නිදහස් කොට තිබීම සැකයට තුඩුදෙන කරුණක් වී තිබේ.

මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයේ යුද හමුදාව භාර නිළධාරියා වශයෙන් කටයුතු කරනු ලබයි. යුද අපරාධ චෝදනා පිළිබඳව මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාට චෝදනා නගා තිබුණද කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රබාකරන්ගේ මවගේ සහ පියාගේ ජීවිතය බේරී ස්වභාවිකව මියයාමට හැකිවූයේ එකල බ්‍රිගේඩියර් තනතුර දැරූ ප්‍රසන්න සිල්වා වෙත බාරවූ නිසා බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ කරුණකි. ප්‍රසන්න සිල්වා යුද්ධය අවසන් වූ විගස එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළේය. ඔහු මේ වනවිට මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කටයුතුවල යෙදී සිටින හිටපු යුද හමුදාපති දයා රත්නායකගේ සමීපතම මිතුරාය.

lankanewsweb

සබැදි පුවත්

මිරිහානේ සුදු වෑන් එක මහින්දගේ හෙංචයියෙකුගේ !

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us