බෝම්බ සුදු වෑන් සහ මුරබල්ලා Featured

Published in පුවත්
Wednesday, 22 July 2015 09:45

විමල් වීරවංශ මහතාට අයත් ලංකා සයිබර් නිව්ස් වෙබ් අඩවියේ අපූරු පුවත් දෙකක් පළ වී තිබුණි. ඉන් එකක් සඳන්ව තිබුණේ මහින්ද, ගෝඨා සිටින ආසන්නයේ හමුදා සිවිල් සෙබළුන් සමඟ සුදු වෑන් රියක් අත්අඩංගුවට… පරීක්‍ෂණ යට ගැසේ… කියා ය. අනෙකෙහි මහින්ද යන මඟ දුරස්ථ පාලක බෝම්බයක් හමුවේ.. යනුවෙන් සඳහන්ව තිබුණි.

පළමු පුවතින් කියවුණේ මිරිහාන ප්‍රදේශයේ දී හමුවූ අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රථයක සිට අත් අඩංගුවට ගත් සිවිල් ඇඳුමෙන් සැරසුණු හමුදා සෙබළුන් තිදෙනෙකු පිළිබඳව ය. දෙවැනි පුවත අළුත්ගම බස් නැවතුම්පොළෙන් හමුවූ බෝම්බයක් පිළිබඳවය. ආලවට්ටම් හැර මතුපිටින් පමණක් බැලුවද සිද්ධීන් දෙක බරපතළය. නමුත් සී නිව්ස්ට මේවා වැදගත් වෙන්නේ මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහාන ප්‍රදේශයේ පදිංචි නිසාත් ඊයේ මහින්ද රාජපක්ෂ මහතා අළුත්ගම හරහා ගමන් ගත් නිසාත්ය.

මේ හා යම් අයුරකින් සමාන කතාවක් ලෙස මතකයට නිරායාසයෙන් නැඟුනේ මීට වසර කිහිපයකට පෙර මාධ්‍යවේදීන් තිදෙනෙකුට සිදුවූ අකරතැබ්බයකි. රාජ්‍ය සම්පත් භාවිතා කරමින් ඉදිකෙරෙන පෞද්ගලික ඉදිකිරීම් කටයුත්තක් පිළිබඳව වාර්තා කිරීමට දෙනියායට ගිය ඔවුන්ට අවසානයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ තපින්නට වූයේ එවකට ජනාධිපති වරයා සහ ආරක්ෂක ලේකම් වරයා නිතර යන එන ප්‍රදේශයක ගැවසීමේ චෝදනාව යටතේය. ඒ එම ඉඩම හා ඉදිකිරීම රාජපක්ෂ නැඟනියකට අයත් වූ නිසාවෙනි.

එසේ එවකට රාජපක්ෂලා පෞද්ගලිකව ගැවසෙන ප්‍රදේශ පවා අන් අයට තහනම් කළාප වූ අතර දැන් රාජපක්ෂලාට රාජකාරි ගමන් හෝ නැත. එහෙයින් ඔවුන් කොතැන කොයි මොහොතක ගැවසෙනවාදැයි දන්නේ ඔවුන්ම පමණය. රාජපක්ෂලා මිරිහානේ ඉන්නා බවක් මා දැනගත්තේද විමල් වීරවංශගේ මහා එළිදරව්ව අනුවය. ආරක්ෂාව පිළිබඳ තර්ජන ගතහොත් ඒවා ඔවුන්ට ඇති සේම ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකාට සහ තවත් හමුදා නිලධාරීන්ටද ඇත, නමුත් වෙනස ඔවුන් යන මාර්ග හෝ ගැවසෙන තැන් ප්‍රචාරක වාසි උදෙසා පළ කරන්නට ඔවුන් වෙනුවෙන් සැදී පැහැදුණු වෙබ් අඩවි නොමැති එකය.

එසේම පසුව ලංකාලීක්ස් වෙබ් අඩවියෙන් හෙළිදරව් කෙරුණේ පෙරකී සුදුවෑන් සිද්ධියෙහි පිරිස රාජපක්ෂ හිතවාදී මේජර් ජනරාල් වරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් බවය. සත්‍ය එය නම් දෙවන දුරස්ථපාලක බෝම්බ සිද්ධිය පිළිබඳවද යම් ඉඟියක් අපට ලැබේ. මන්දයත් එවැනි බෝම්බද ළඟ තිබීමේ වැඩිම සම්භාවිතාවක් ඇත්තේ එවන් මේජර් ජනරාල් වරුන් සතුවම වීමය. එසේම එල්ටීටීඊය සම්පූර්ණයෙන් ම මර්ධනය කළ බවට දෙස් තැබුවේ ද මේ රාජපක්ෂලා නිසා ම සහ පාතාලයද ඔවුන්ම මර්ධනය කළා මෙන්ම දුරස්ථපාලක බෝම්බ ලංකාවේ පාතාලයක් අතින් භාවිතා නොවුණු නිසාය.

වසර දහයකට ආසන්න සිය පාලන කාලය තුළ ජනතාවට දුන් ආර්ථික සහනයක් නොමැති නිසාද, කොමිස් වෙනුවෙන්ම කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අන්ත අසාර්ථක වූ නිසාද රාජපක්ෂලාට හා ඔහුගේ හෙංචයියන්ට දැන් මැතිරීමට ඇති එකම මන්තරය "යුද්ධය දිනුවා, කොටි නැගිටිනවා" පමණක් ම වී තිබේ. මේ පුවත් මැවෙන්නේ ඒ වෙනුවෙනි.

කලකට ඉහත මව්බිමේ පංචායුධය බවට පත්ව සිටි විමල් වීරවංශ මහතා රාජපක්ෂගේ ජනපතිවරණ පරාජයෙන් පසුව ඔහු වෙනුවෙන් රැළිපවත්වමින් රාජපක්ෂගේ මුරපල්ලා විය. දැන් මැතිවරණය එළැඹුනු පසුව රාජපක්ෂලා ගැවසෙන මං මාවත් ඉව කරමින් බෝම්බ සහ සුදුවෑන් සොයනා රාජපක්ෂ පවුලේ මුරබල්ලා බවට වීරවංශ පත්ව සිටී. ලංකාවේ පොලිස් හෝ හමුදා බුද්ධි අංශ පමණක් නොව එෆ්.බී. අයි හෝ අම්. අයි 6 හෝ මොසාඩ් හෝ වැනි බුද්ධි සේවාවන්ට ද නොව පරිකල්පනීය වීර චරිත වන ශර්ලොක් හෝම්ස්ට හෝ ජේම්ස් බොන්ඩ්ට හෝ ද නොහැකි ලෙස අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සහ කොටි ක්‍රියාකාරම් ඉව ඇල්ලීමෙහි සමත් කම් දක්වන්නා වූ වීරවංශගේ නාට්‍යානුරූපී පිටපත් ලිවීමට ඇති සාහිත්‍යකාමය අනුව ඉදිරියට ද මෙවන් පුවත් අපට අසන්නට දකින්නට ලැබෙනු ඇත.

සරත් ෆොන්සේකාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ටික කලකට පසුව ගෝඨාභයගේ අතක පමණක් අනුන්ගේ ලේ තවරමින් සිදු වූ පිත්තල හංදියේ මරාගෙන මැරෙන ප්‍රහාරය පවා මට නම් දැන් සැක සහිතය. බලය වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කිරීමේ හැකියාව තමන් සතුබව රාජපක්ෂ ප්‍රමුඛ ඇණිය ඔප්පු කළේ වරක් දෙවරක් නොවේ.

~ සේපාලිකා ඉලංගරත්න

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us