ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු  'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට අද(29) මීට සුළු මොහොතකට පෙර නිල් බලකායේ මැරයන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සිව් දෙනෙකු ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර අැත.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ළමා අපයෝජන, ස්ත‍්‍රී දූෂණ කල පුද්ගලයින්ට, පුරාවිද්‍යාත්මක උරුමයන්ට පවා හානි කළ පුද්ගලයින්ට නිසි අකාරයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවුන බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා ඊයේ (28) සෝලිස් හෝටලයේදී පැවති ‘‘හංසාගමනය’’ වැඩසටහන පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා වෙත යවන ලද ප්‍රධාන ලිපි 13 ක් පළමු වතාවට මාධ්‍යයට ලබාදීමට තීරණය කර ඇත. පෞද්ගලික හෝ ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළ කිසිඳු අවස්ථාවකදී පල නොවූ මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටි.

ජනාධිපතිවරණය නිරීක්‍ෂණය සදහා පැෆරල් සංවිධානයේ ආරාධනයෙන් ජාත්‍යන්තර නියෝජිතයන් 36 දෙනෙකු ශී‍්‍ර ලංකාවට පැමිණ අැත. ඔවුන් සියලූ දෙනා ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ සාමාජිකයෝ වෙති. 
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ  මහතාද මෛත්‍රීපාලනයක් උදෙසා  සහය දැක්වීමට සූදානම් බව වාර්තාවේ.
 
මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සමඟ  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ද ඔහු පවත්වා ඇත. 
 
ජනප්‍රිය අධ්‍යාපනඥයෙක් වන හා ගුරුවරයෙක් වන ග්‍රෙරෝ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසුණු අයෙකු වන අතර  පසුව 2011 වසරේදී ආණ්ඩුවට එක්විය. එහිදී අධ්‍යපන නියෝජ්‍ය ඇමැතිකමක්ද ඔහුට ලැබුණු නමුත් එහි කිසිදු බලයක්  සහිත නොවීය. පසුගිය සති කිහිපය තුල ඔහු මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචරක කටයුතුවලින්ද ඉවත්ව සිටියේය.
 
meet
 
අද දින අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ  මහතා  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවූ අවස්ථාව
 
මේවන විට එක්සත් ප්‍රවෘතිපත්‍ර සමාගම (ලේක්හවුස්) විසින්  මුද්‍රණය  කරමින්  පවතින විපක්ෂයේ පොදු අපෙක්ෂකයා හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධ අසත්‍ය කරුණුවලින් යුක්ත සෙත්මිණ නම් ජෝතිෂ පුවත්පත මුද්‍රණය කිරීම වහා වලක්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබුණද ඔහු මේ දක්වා ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැත.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us