දෙහිවල මන්ත්‍රී කෝලම ගෝඨාගේ වැඩක් ! තවත් ජවනිකාවක් ළඟදීම !!
පසුගියදා විපක්ෂයට එක වන බව කියමින් විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ මහින්ද රාජපක්ෂට සහය පළ කළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාව, ඒ සඳහා මෙහෙයවා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ලංකා ඩේලි වෙබ් අඩවිය වගකීමකින් යුක්තව හෙළිදරව් කරමු.
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සිව් දෙනෙකු ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර අැත.
මෛත්‍රීය වඩන ‘‘හංසාගමනය’’ දෙසැම්බර් 31 වනදා රාත්‍රී 7.05 ට.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ කල පුද්ගලයින්ට, පුරාවිද්‍යාත්මක උරුමයන්ට පවා හානි කළ පුද්ගලයින්ට නිසි අකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොවුන බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා ඊයේ (28) සෝලිස් හෝටලයේදී පැවති ‘‘හංසාගමනය’’ වැඩසටහන පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපකෂ ජනාධිපතිතුමා වෙත යවන ලද ප්‍රධාන ලිපි 13 ක් පළමු වතාවට මාධ්‍යයට ලබාදීමට තීරණය කර ඇත. පෞද්ගලික හෝ ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළ කිසිඳු අවස්ථාවකදී පල නොවූ මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටි.