නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීම සඳහා මීළග අවිය ලෙස ICCPR පනත යොදා ගනිමින් සිටින බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

මේ වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්හිදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඇති විය හැකි අන්තරාදායක තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

අද කොහොමද ?

Published in පුවත්
Wednesday, 10 September 2025 07:29

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අංශ භාග රෝග තත්ත්වයට වායු දූෂණය ප්‍රධාන අවදානම් සාධකයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෘත්තීය සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර පැවැසුවාය.

ld add copy

Connet With Us