ඉදිරි තෙවසර තුළ පොලිසියේ පුරප්පාඩු හතළිස් දහසක්

Published in පුවත්
Tuesday, 06 January 2026 07:53

ඉදිරි තෙවසරක කාලයේදී පොලිසියේ පුරප්පාඩු හතළිස් දහස දක්වා ඉහළ යන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

මෙම තත්ත්වයට පිළියම් වශයෙන් මේ වසර තුළ නවක නිලධාරීන් දස දහසක් බඳවා ගන්නා බවත් එසේම සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් දස දහසක්ද පොලිසියට එක්කර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ලබාගෙන ඇති බවත් පොලිස්පතිවරයා කීවේය.

මේ වනවිට පොලිසියේ නිලධාරීන් තිස් එක් දහසක පිරිසක් සේවය කරන බවද හෙතෙම කීවේය.

එසේම පොලිස් නිලධාරීන්ගේ වෘත්තියමය භාවය විනාශ කරගැනීමට හේතුවූ කරුණු පහක් තමන් ක්ෂේත්‍ර අධ්‍යනයකින් නිරීක්ෂණය කළ බවත් නිලධාරීන් මුදලට අල්ලසට හෝ දූෂණයට නැඹුරු වීම, මත්ද්‍රව්‍ය හා මත්පැන් පානයට ඇබ්බැහි වීම, අනිසි හැසිරීම. ජංගම දුරකතන වලට ඇබ්බැහි වීම හා ඔන්ලයින් සූදුවට ඇබ්බැහි වීම එම නිරීක්ෂණයන් බවත් සඳහන් කළේය.

එසේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සහ විවිධ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන් පන්සියයකට පමණ විනය පියවර ගෙන තිබෙන බවද කී පොලිස්පතිවරයා යහපත් අන්දමින් දක්ෂ ලෙස රාජකාරි කළ නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන දෙදහස් දෙසීය පනහක මූල්‍ය ත්‍යාග පිරිනමා තිබෙන බවද කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us