ලංගමය යනු එජාපයේවත් ශ‍්‍රීලංනිපයේවත් ශාඛා සංගමයක් නොවන බව සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි. ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ප‍්‍රලේඛන මණ්ඩල ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කොට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිහි‍ටුවා ඇති ආණ්ඩුව ලබන අප්‍රේල් මස 24 වන දින විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බව රාජය පරිපාලන හා බුද්ධ ශාසන ඇමැති කරූ ජයසූරිය මහතා පවසයි. එමෙන්ම මහ මැතිවරණයෙන් කවර පක්ෂයක් ජය ගත්තද වසර දෙකක කාලයක් සඳහා නැවත්ටත් ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවන බවත් ඇමැතිවරයා පවසයි.

සාධාරන සමාජයක් උදෙසාවූ වෘතීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(19) දින පැවැත්වින. වර්තමානයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට ෙමෙත්‍රීපාල සිරිෙස්න මහතා පත්වීම ඉතා සාධනීය තත්වයක් ලෙස දකින බවත් මෙවැනි සාධනීය ලක්ෂණ වඩා අර්ථවත් වීමට නම් දූෂිතයන් හා දූෂණ පිටුදකිමින් ඒවාට එරෙහි වෙමින් කටයුතු කළ යුතු බවත් මාධ්‍ය සාකච්ඡාව අමතමින් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

1987 වසරේ රජිව් ගාන්ධි අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව එනම්, වසර 28කට පසු, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයෙකු මේ වසරේ මාර්තු මාසයේ නිළ රාජ්‍ය චාරිකාවක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා රජයට සියයට 53 ක කොටස් හිමි සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දූෂිත ඉහල නිළධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා එහි වෘත්තීය සමිති 10ක් විසින් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධානින්ගෙන් ලිඛිතවම ඉල්ලීම කර ඇති මුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව එම වෘත්තීය සමිති පවසයි.

යුධ හමුදා විනයට පටහැනි ලෙස යුධ හමුදාව තුල දේශපාලනය කිරීම සම්බන්ධයෙන් වත්මන් යුධ හමුදා පති ලුතිනන් ජනරාල් දයා රත්නායක හා ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටී.

ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිදු වූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇප මත මුදා හැර අැත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us