ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඊයේ (21)අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද උදැසන ඔහු අතට ගෙනත් දෙන බවට පොරොන්දු වී ගිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද උදැසන පොරොන්දු වූ පරිදී පැමිණ නොමැත.

දැනට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් එම තනතුරින් මාරු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජනාධිපතිතුමන් , අග්‍රමාත්‍යතුමන් ඇතුලු ඇමති මණ්ඩලය හට නව වාහන මිල දී ගත නොහැකි බවට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති මහාපරිමාණ දූෂණ සොයාබැලීම සඳහා විශේෂ කොමිසමක් පත්කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 1862.42 ක මුදලක් විදම් කර තිබෙන බවත් එම මුදල නැවත ලබාගන්නා ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය ඊයේ (21දා) විරෝධතාවක නිරත විය.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

තමන් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බව හිටපු යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

 

ld add copy

ක්‍රීඩා

Connet With Us