පසුගිය ආණ්ඩුව සමයේ සිදු කර තිබෙන දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සහ ඊට අදාල සත්‍ය තොරතුරු යට ගැසීමේ තත්වයක් පොලීසි තුලින්ම මතුව ඇතැයි අනාවරණයවේ. මෙතෙක් හෙලිදරවූ දූෂණ හා වංචා සම්බන්දයෙන් දැනටමත් මෙම තත්වය පැණනැගී ඇත.

සිගරට් පැකට්වල සියයට අසූවක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට එවකට සෞඛ්‍ය ඇමැති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225දෙනාම අත් ඔසවා අනුමත කිරීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට දුරකථනයෙන් කතා කර බැණවැදී ඒ ගැන තමා උසාවියේදී බලා ගන්නම් යැයි ප්‍රකාශ කර තිබූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ දිනයේ ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයත් සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ සිදු කළ යැයි කිවු මහා සංවර්ධන ක්‍රියාවලිය හා ආර්ථික වර්ධනය මුළු මනින්ම සංඛ්‍යා ලේඛන වෙනස් කිරීමෙන් සිදු කරන ලද බොරුවක් බවට තොරතුරු ‍රැසක් හෙළිදරව් වී ඇත.

නව ආණ්‌ඩුවේ අතුරු අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඉදි කරන හෝටල සංකීර්ණ සඳහා කැසිනෝ සහ සූදු පවත්වාගෙන යැමටද පසුගිය ආණ්‌ඩුව ලබාදී තිබෙන අවසරය වහා තහනම් කිරීමට තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවැසූවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ ඡායාරූප ශිල්පියා ලෙස පෙනී සිටින රාජපක්ෂ ජනාධිපතිවරයාගේද නිල ඡායාරූප ශිල්පියා වූ සුදත් සිල්වා හා ඔහුගේ මස්සිනා වන ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (වෙළඳ) උපාලි රංජිත් විසින් රාජපක්ෂවරුන්ගේ දැන්වීම විකාශය කිරීම මඟින් සිදු කර ඇති වංචා දූෂණ හා තවත් අකටයුතුකම් ‍රැසක් එම ආයතනයේ සේවක සේවිකාවන් විසින් හෙළිදරව් කරති.

ලස්සන වෙන්න නම් පලතුරු කන්න ඕන කියලා සමාජයේ කා අතරත් ප්‍රසිද්ධ කථාබහක් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ලස්සන වෙන්න හිතාගෙන සමහර අය පලතුරු මුහුණෙත් ආලේප කරනවා.

අයවැයෙන් සහන රැසක්

Published in පුවත්
Thursday, 29 January 2015 15:40

පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින්ද ඉතිරි රුපියල් 5000 ලබන ජූනි මාසයේ සිට ද වැඩිකරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us