මිනිසෙකුගේ අකුරු ප්‍රබලතම වන්නේ කොතැනදීද ? මම සිතමි.
මීට වසර 10කට පෙර දිනෙක ධර්මරත්නම් සිවරාම් පැහැරගෙන ගොස් ඇති බවට ආරංචිය ලැබෙනා විට මා සිටියේ සිංහල මහජාති(ක)වාදී වමේ හෙවත් ජවිපෙ ක්‍රියාකාරිකයකු වශයෙනි. අප එවකට දැරූ මතවාදයට සපුරා පටහැණි දේ ලියූ නමුදු ඔහුගේ ලිපි ඉතා ආශාවෙන් මම කියවීමි. හේතුවක් නැතිවම ඒ ලේඛන ශෛලියට මා ආකර්ශනය වී තිබිණි. අපි කලබල වීමු. නොයෙකුත් පාර්ශ්වයක් හරහා විවිධ තොරතුරු ගලා එන්නට විය. මුලින් ම ඉතා පහසු ලෙස මෙයද එල්.ටී.ටී.ඊ. ගිනුමට බැර කෙරිණි. දෑස් බැඳ වෙඩි තබා ඝාතනය කෙරුණු සිරුර පසුදින පාර්ලිමේන්තුව ආසන්නයෙන් හමුවූ පසුව තව දුරටත් සැක කරන්නට ඉඩක් නොතබා ම එය කාගේ කෙරුවාවක්දැයි පසක් කෙරුණි. සැබැවින් ම එය බරපතළ කම්පනයක් විය. ඒ වන තෙක් ද සේයා රුවකින් හෝ නොදුටු මිනිසෙක් උදුරා ගැනීම පිළිබඳ ව වේදනාවට ප්‍රබලතම පහර වැදුනේ සියල්ල අවසනය.
නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි?-නිලන්ත ඉලංගමුව
මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති පුද්ගලයාට හටගන්නා උමතුවත්; ඇත්ත පෙනී පෙනී තමන්ගේ ස්ව-කුහකත්වය හේතුවෙන් එය බොරුවක් ලෙස දැක, තමන් තරම් කෙරුමන් ලෝකයේ කිසිම තැනක නොමැති බවට දකින මන්ද-බුද්ධික ස්වභාවයත් යන කොන් අතර මෙරට දේශපාලනය මෙන්ම මුළු රටම සිර වී තිබේ. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඉතාම ප්‍රවේශමෙන් සහ වඩාත් බුද්ධිමත්ව කළ යුතු ශල්‍යකර්මයේ පරාමිතිය දිවයන්නේද මේ ඔස්සේය. එබැවින් මේ මොහොත අතිශය තීරණාත්මක සහ සංවේදී වේ.
සිංහල දෙමළ භාෂා ඉගෙනගැනීම පටු අරමුණකට සීමා වෙලා - ප්‍රවීණ ලේඛක උපාලි ලීලාරත්න
ලංකාවේ වෙසෙන පාඨකයෝ ස්වතන්ත්‍ර සාහිත්‍යයට වඩා පරිවර්තන සාහිත්‍යයට රුචිකත්වයක් දක්වන බව නොරහසකි. ඉනිඳු සෝවියට් සාහිත්‍යය කෙරෙහි විශේෂිත වූ රුචිකත්වයක් දැක්වූ බව තවත් විශේෂත්වයකි. එම කෘති බොහොමයක් පරිවර්තනය වූයේ මුල් භාෂාවෙන් ම වීම සුවිශේෂය.
යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30 ක කාලයක් තුළ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සජීවීව ආමන්ත‍්‍රණය කෙරුණු එම කතාව, ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීමක් කෙරෙහි අපේ අවධානය යොමු කැරැවුණි. එනම්, ලක්ෂ සංඛ්‍යාත අප‍්‍රිකා-ඇමරිකානු ජනතාවක් ඓතිහාසික ඇමරිකානු නායක ඒබ‍්‍රහම් ලින්කන් විසින් වහල් භාවයෙන් නිදහස් කරනු ලැබීමේ අවස්ථාවයි. එදා ඇමරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් මේ වහල් ජනතාව නිදහස් කිරීම අරභයා විවිධ අණපනත් සම්මත කර දුන්නත්, එම වහලූන් අතරින් බොහෝ දෙනෙක් වහල් භාවයේම රැඳී සිටීමට කැමැත්තක් දැක්වු බව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය කතාවේදී පෙන්වා දුනි. එසේ වීමට බලපෑ, එම වහලූන්ගේ සිත්සතන්වල මුල්බැසගෙන තිබූ අදහස් උදහස් කවරේද? අළුතෙන් ලැබෙන නිදහස සහ මානව අයිතිවාසිකම් සමගම, සැපිරිය යුතු වගකීම් සම්භාවරයක වගකීමද බිහි වන්නේය. ඒවා, පවුලේ සහ වැඩපොළේ කටයුතුවලට පමණක් නොව, සමාජ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය සඳහාද උරදිය යුතු වගකීම්ය.
උදයා නිදහස් නොකිරීම ‘යහපාලනය’ අවතක්සේරු කිරීමේ සැලසුමක් ද?
තිරිසන් සතුන් වැරදි කරයි ද නොකරයි ද යන්න නිගමනය කළ නොහැක්කේ උන්ගේ ලෝකයේ කිසිඳු නිර්නායකයක් නොමැති බැවිනි. උන් හැසිරෙන්නේ උනුන්ට ම ආවේණික වූ ජිවන රටාවන් අනුව ය.
පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ජිෆී ප්‍රඩක්ට් ආයතනයේ කොබෙයි ගනේ කර්මාන්ත ශාලාව හේතුවෙන් දැඩි පරිසර හානියන් වන බවට චෝදනා රැසක් එල්ල වී තිබෙන මුත් ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් අදාල රාජ්‍ය නිළධාරීන් ගෙන තිබුණේ නැත.
පස්පවුවලින් වැළකෙන බවට බෞද්ධයෝ උදේ සවස මතු නොව දහවලේ ද, අලුයම් කාලයේ ද පොරාන්දු වෙති. එහෙත් ඔවුන් ඉටු නොකරන්නේ ම එකී පොරොන්දුව යි. එම පොරොන්දු ඉටු කරන්නේ නම් මෙරට මතු නොව සමස්ත පෘථිවි තලය ම සුරපුරයකි; කිසිදු අවහිරයකින් බාධාවකින් තොර දිවියක් ගත කර නිවනට ම යා හැකි ය.
19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ නම් මිස 19 ට ඡන්දය නොදෙමියි කියා පටන් ගත් විපක්ෂයේ විරෝධය, මේ වන විට, මහින්ද රාජපක්ෂගේ දූෂණ ගැන සොයා බැලීමට ගන්නා ප්‍රයත්නයත් 19 ට එරෙහි වීමට හේතුවක් කරගන්නා අදියරට පැමිණ ඇත.