මහත්වරුනි, දැන් පිටව යාමට කාලය පැමිණ තිබේ. කරුණාකර නික්ම යන්න - ජයතිලක ද සිල්වා
ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, වෙනත් පක්ෂයක නායකයෙකුව අගමැති තනතුරට යෝජනා කළ පළමු අවස්ථාවත් එයයි. තවද, තමා ජයග්‍රහණය කළොත් අනිත් පක්ෂවලටත් එම අළුත් ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරමියි ඔහු පොරොන්දු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මේ සියලූ දේවල් අසාමාන්‍ය කාරණා වන්නේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.
දෙමළ ජනයා වෙසෙන්නේ උතුර නැගෙනහිර පමණක් ද? - පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන්
පසුගිය 06 (2015-06) වන දින ‘‘ජාතික ගැටලුවට විසඳුමක්’’ යන මැයෙන් කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ පැවති සම්මන්ත්‍රණයේ දී ෂෙරාඩ් පියතුමා දැක්වු කරැණු අපි මීට පෙර ඉදිරිපත් කළෙමු. අද අපි ඉදිරිපත් කරන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මකෝ ගනේෂන් මහතා එදින ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් සකසන ලද ලිපියකි.
‘‘ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක්’’ යන මැයෙන් විවෘත සාකච්ඡාවක් පසුගිය 30 වන දින (2015-05-) කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.
එහි දී අදහස් ඉදිරිපත් කළ ෂෙරාඩ් පියතුමා සිය අවධානය යොමු කළේ මේ රටේ විදේශ විනිමය උපයන තුන්වන ශ්‍රම බලකාය වන වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙනි. සැබැවින් ම අපි කිසිවකු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බව සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් නැති බව ඒත්තු ගියේ එතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ය. එහෙයිනි එතුමාගේ අදහස් දැක්වීම් මෙලෙස ඉදිරිපත් කිරීමට අදහස් කළේ.
විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි - රංජිත් හේනායකආරච්චි
විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරයල එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචන වලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා ලිංගික අපරාධයන්ට ගොදුරු වන ස්ත්‍රීන් හෝ දැරියන් මෙන්ම ළමුන් ප්‍රමාණය අතිමහත්ය. පසුගිය වසර ගණනාව තුල මෙම සිංහල - බෞද්ධ රාජ්‍ය තුල ලිංගික බලහත්කාරය සහ අපයෝජනයන් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති අපරාධ ප්‍රමාණය 27937 ක් බව අධිකරණ අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබීය. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකා සමාජය තුල ලිංගික බලහත්කාරය ඉතා සුළභ සිද්ධියක් බවට පත්වී ඇති බවයි.
සුද්දා අපේ රට අතහැර ගිය පසු රටේ බලය ලබාගත්තේ සුද්දාගේ ම අන්තේවාසිකයන් පිරිසක් මිස රටට හිතැති දේශපේ‍්‍රමීන් නොවේ. මේ අන්තේවාසිකයන් හැමදාමත් කළේ සැබැ දේශ පේ‍්‍රමියා හෝ සැබෑ දේශ හිතෛෂියා පාගා තළා පෙළා දමා ඔවුන්ගේ ලේ, කඳුළු දහදිය මතින් තම බලය තහවුරු කර ගැනීම ය. මෙම නියාමය 1948 ලබාගත්තා යැයි පාරම්බාන නිදහසේ සිට වර්තමානය දක්වා මතු නොව අනාගතයට ද ඉතාමත් වලංගු ය. එය එසේ නොවේ යැයි කියන්නට කිසිවකු හෝ ඉදිරිපත් වන්නේ නම් එය ද පට්ට පල් කෙබරයකි. ජනතාව ගොනාට ඇන්දවීමකි.
1978 න් පසසේ අපේ රටට ඔබාගත්ත අහක යන සර්පයා තමයි විවෘත ආර්ථිකේ. දැන් කනෝ කනෝ කියලා කෑගහන්නෙත් කීයෙන් කීදෙනා ද? ‘‘ඉවසීමෙන් සැනසීම ලැබේ’’ කියල පුංචි කාලේ ඉදලම හුරු කරපු හින්දම හැමෝම මේ අසාධාරණය අමනුස්ස ක‍්‍රමය ඉවසන්න පුරුදු වෙලා. රටේ හැම පරිසරයකම මේ ගද ගහන ක‍්‍රමය පැතිරිලා. අපිත් අර කරවිල කරලේ පණුවො වගේ තිත්තම කකා කඹුරනවා කාටහරි. අපිට හිතෙන්නෙම මේක තමයි එකම රහ කියල විතරමයි. හරියටම ළිං මැඩියොත් පරාදයි.
දේශපාලන බල අරගලය සඳහා කිව යුතු නොකිය යුතු සහ කළ යුතු නොකළ යුතු ඕනෑම දෙයක් කීමට හෝ කිරීමට යොමු වීම යනු දේශපාලන අවස්ථාවාදය යි.