කන්දෙන් තැන්නට ගිය ලක් වැසි මිනිසා යළි කන්දට නැග කන්දෙන් බැස තැන්නට ඇවිත් නතර වන්නේ ජන සම්මත යුගයේය. ජන සම්මත යුගයෙන් යළි රාජසම්මත ආවේගයක් සමග පැරණි රජ නුවරක් යළි අගනුවරක් කර ගත්තේය. ඒ කෝට්ටේ රාජධානියට නව සලුපිලි ඇන්දවීමෙන්ය. පුදුමය වන්නේ කෝට්ටේ පා තැබූ විගස උතුරු ලංකාව රාජ සම්මත යුගයේ ආවේගයක් ගෙන එළාර දැක්මෙන් වෙන රටකට කදවුරු බැද ගැනීමත්ය. එ කදවුර එහේ බැදෙන විට නව කෝට්ටේ යුගයට ද ඉතිහාස ආවේගය බැදෙන සැටිය. මේ සියල්ල දෙස බලන විට පෙනෙන්නේ ලංකා දුපත ජාතික වර්ග විදියට බෙදෙන සැටිත් එය රටාවකට, රිද්මයකට වෙන හැටියත්ය.

කොළඹ නගරයට ආසන්න මුහුද ගොඩ කොට, හෙක්ටයාර් 230 ක වපසරියෙන් යුත් පෙදෙසක යෝධ වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කෙරුණු ව්‍යාපෘතිය, 2015 මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබේ. ‘චීන සංදේශන ගොඩනැගීම් සමාගමේ’ (සී.සී.සී.සී) මූල්‍ය ප්‍රතිපාදන මගින් ගොඩනැගීමට සැලසුම් කොට ඇති මේ ව්‍යාපෘතිය ගැන, සිරිසේන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, විශේෂයෙන් එම ආණ්ඩුවේ අවසරය ඒ සඳහා ලැබී ඇතැ යි එහි මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කී අවස්ථාවේ සිට, බොහෝ ලිපි ලියැවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ.

යහපාලන ආණ්ඩුවේ දැන් වයස මාස 4 කි. පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මීට මාසයකට පෙර එම ආණ්ඩුව අවසානයකට පත්විය යුතුව තිබුණි. එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවුණි. එම දින 100 තුළ ‘යහපාලනය’ සඳහා අවශ්‍ය කරන පියවර ගැනුණේ, මොන තරම් බාධක මධ්‍යයේද යන්න, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට දැඟලූ ආකාරයෙන් විශද වුණි. 19 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණේ, ‘යහපාලනයේ’ මුල්ගල් තැබීමටයි. එහෙත් ඒ මුල්ගල් හැකි තාක් පරල කිරීමට සහ පරණ පවුරු රැුක ගැනීමට වර්තමාන විපක්ෂය ගත් උත්සාහය එදා කැපී පෙනුණි. 

"අද උතුරේ උසාවි වලට පොලිස්ථානවලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බැහැ. රටේ එක නිතියක් පවතින්ඩ ඕනා. සාමය තියෙන්ඩ ඕනා. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕනා." යැයි හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා මහියංගනයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

‘‘ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්’’ යනුවෙන් ප්‍රස්ථා පිරුළක් ඇත. මේ මොහොතේ උතුරේ සහ දකුණේ ද එවැන්නක් සිදුවෙමින් පවතී. ඌරන් උතුරේ ය; කැකුණ ද උතුරේ ය; උතුරේ ඌරන් කැකුණ තළන විට එය රජ මගුලක් වන්නේ දකුණේ හබන් කකුළන්ට ය. නිකම් නිකම් හබන් කුකුළන්ට නොව ජාතිවාදි හබන් කුකුළන්ට ය.

ජාතිවාදීහු මැයි 18 වන දින ‘‘යුද ජයග‍්‍රහණය’’ සැමරූහ. සහෝදරත්වයේ වටිනාකම අගයන්නෝ මැයි 19 වන දින ‘‘යුද්ධයේ දී මියගියවුන්’’ සැමරූහ.

වසර හයක් ගත වී ඇත. ඒ, එල්. ටි. ටි. ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ලංකාවය. එම ඓතිහාසික සිදුවීමෙන් පසු රටේ දේශපාලන පසුබිම වෙනස් වී ඇති ආකරය සහ එහි ඇති බලපෑම සමාජය තුළට විසරණය වී ඇති අකාරය පිළිබඳව විමසීම වැදගත් වේ. මෙහි ඇති ඉතා වැදගත් කාරණය වූ කලී ලංකාවේ දේශපාලන ප්‍රවණතා වල සිදු වූ වෙනස් වීම සහ සර්වජන ඡන්ද බලය එය හිමි පුද්ගලයා විසින් භාවිතා කරන ස්වභාවයේ දැකිය හැකිඅනුවේදනීය, අවුල්සහගත මෙන්ම මනරම් සහ ආකර්ෂණීය හැඩතලයන්ය.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us