මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි.
ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප්‍රගතියේ යම් තරමක් එම තනි සිද්ධියෙන් පෙන්නුම් කෙරේ.
තාත්තා කෙනෙකු වෙනුවෙන් පුතෙක් බිම වාඩිවී ඉන්නවා දුටිමි. ඒ, අතුරුදන් කළ තාත්තෙක් ඉල්ලා නොවේ. තාත්තා අල්ලස් කොමිසමට කැඳවන්න එපා කියා ය.
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව මේවන විට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය විසින් මහින්ද රාජපක්ෂ යනු කෙතරම් මුග්ධ ගෝත්‍රික නායකයකු වීද යන්න පැහැදිලිව පෙන්නුම් කරමින් තිබේ.
‘‘ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේ ය’’
රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි.
රට පාලනය කිරීම සඳහා වරින් වර පත්වන ආණ්ඩු තම තමන්ගේ කාලසීමාවන් තුළ විවිධ රටවල් සමග විවිධාකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ ය. එම ගිවිසුම් කෙතරම් දුරට ලාංකීය ආර්ථිකයට සහ ලාංකීය දේශපාලනයට වැදගත් ද නොවැදගත් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරිමක් නම් මේ කිසිඳු අවස්ථාවක සිදුව නැත. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ ඒ ඒ සමයන්හි පවතින විපක්ෂයෙන් හෝ වෙනත් සිවිල් සහ බහුජන සංවිධාන මාර්ගයෙනි. මීට පස්වසරකට පමණ පෙර කරළියට පැමිණි ‘‘සීපා ගිවිසුම’’ හෙවත් Comprehensive Economic Partnership Agreement ගිවිසුම ද එවැන්නකි.
මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්)
අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය.