එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සියළුම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ට නාම යෝජනා දෙන බව සුසිල් පේ‍්‍රමජයන්ත් හා අනුර පි‍්‍රයදර්ශන යාපා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළහ. ඒ අනුව දූෂීතයන්ට නාම යෝජනා දෙන බව ස්ථීරය. මෙය ඇසූ රටේ බොහෝ දෙනා කළබල වූහ. මහින්දට නාම යෝජනා දී අනෙක් හොරුන්ට දීම අසාධාරණ බව ජනවාරි පෙරැළියට මුල්වූවෝ කීහ. මහින්දට ඡන්දය දුන් බොහෝ අය කීවේ අපි කළ වැරැද්ද හදන්න සූදානම්ව සිටින විට මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියාය. දකුණු අධීවේගී මාර්ගය ඉතිරි කොටසේ වැඩ ආරම්භ කරමින්, මෛති‍්‍රපාල සිරිසේන මහතා කීවේ තමා දේශපාලන අඳ බාලයෙකු නොවන බවය. ජනවාරි පෙරළිය අතරමං නොකරන බවය. ඒ ඔහු ජනවාරි පෙරළිය කළ සිවිල් සමාජයට දුන් පණිවිඩයයි. මහින්දට ඡන්දය දුන් පනස් අට ලක්‍ෂයක් අතුරෙන් තමන් ජනවාරියේ කළ වැරැද්ද හදා ගැනීමට සූදානම් අයට පවත්නා තත්වය ගැන යමක් කියන්න කිසිවෙකු නැත.
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතරේ වනාන්තර ඉඩම් කොටස් කිහිපයක් සමාගම් හතරකට මේ වනවිට පවරා ඇත.
‘මහින්ද සමඟ රට ම සූදානම්’ යනුවෙන් පෝස්ටරයක් රට පුරා අලවා තිබේ. රට බේරාගත් නායකයාට කලගුණ සලකමු යනුවෙන් එක් දේශපාලනඥයකුගේ නම සඳහන් පෝස්ටරයක් ද ඒ සමඟ ම අගනුවර තාප්පවල අලවා තිබෙනු ද පෙනේ. අතීත සිදුවීම සිහියට නැඟීම නිසා මේ පෝස්ටර් දෙක දකින විට කිසියම් භීතියක් ඇති වේ. එසේ වනුයේ හිටපු ජනාධිපතිගේ පාලන සමයෙහි අප සිත්හි ඇති ව තිබූ භීතිය නැවත දැනෙන්නට වීමෙනි.
ඒකාධිපති, දූෂිත රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදයේ යුගයක් වෙනුවෙන් ජීවිත පරදුවට තබා කළ සටනේ ජයග්‍රහණය පසුගිය ජනවාරී 08 වෙනි දින සනිටුහන් කළේ අලුත් ශ්‍රි ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙනය.
හිටපු මන්ත‍්‍ර කුමාර වෙල්ගම කළ යහපත් ප‍්‍රකාශයක් අද සුභාෂිත කල්පනා අතරට එක්වේ.පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ලබන අපේ‍්‍රල් තෙක් පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට පෙර විසුරුවා හැරිය බව රහසක් නොවේ.ජනවාරි 9 වෙනි දා පත්වූ නව විධායක ජනාධීපති තමන්ට පැවරුණ බලය අනුව නව මහා මැතිවරණයක් කැඳවා ඇත. ඒ කාලයට උචිත ජනතා ප‍්‍රාර්ථනා රටේ නීති බවට පත් කළ හැකි සදාචාර සම්පන්න පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතු නිසාය. එහිදී බලු දම්වැල් දමාත් හදන්ට බැරිවූ එවුන් නීති හදන තැනට නො එවීමට ජනතාව වග බලාගත යුතුවේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය භේද නො කරන ලෙස ඩලස් අලහප්පෙරුම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන් ඉල්ලීමක් කර තිබිණ. අතීතයේ ඩලස් අලහප්පෙරුම නමින් මාධ්‍ය වේදියෙකු ජීවත් විය. ඔහු එජාපයේ 17 අවුරුදු පාලනය මිනී කන්නන්ගේ දේශය ලෙස නම් කළ අයෙකි. කලක් මන්තී‍්‍ර ධුරයක් දැරූ ඔහු 2001 දී අමෙරිකාවට ගියේය. ඒ මිලින්ද මොරගොඩගේ උදව්වෙනි. එසේ අමෙරිකා යාමට බඩු බඳීන ඩලස්ගේ පින්තුරයක් පවා එකල මිලින්ද මොරගොඩ සිය ප‍්‍රචාරණයට යොදා ගත්තේය. ඩලස් නැවත දේශපාලනට එන්නේ මහින්ද සමග ය. ඒ ප‍්‍රභාකරන්ට අල්ලස් දී උතුරේ ඡන්ද නවත්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බෝම්බ ගැසිම සමගය. පසුව ඩලස් මහින්දගේ ප‍්‍රවාහන ඇමති විය. රට හොල්ලා ගෙන්වූ දුම්රිය මැදිරි ගණුදෙනුවේ හුටපටයක් නිසා ඩලස් තරුණ කටයුතු ඇමති ලෙස මහින්ද විසින් ඩිමෝට් කළේය. නමට තරුණ කටයුතු ඇමතිවූ ඩලස් සිටියේ නාමල්ට සර් කියන තැනට වැටිලාය.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හිස්ව තිබේ: අපි දැන් අමන රැලක් තෝරා පත්කර ගමුද? - යුදන්ජය විජේරත්න
ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
මෙවර මැතිවරණය ජාතිවාදීන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට අපරාධකරුවන්ට තියුණු පරාජයක් අත් කර දෙන තීරණාත්මක මැතිවරණයක් බවට පත් කර ගත යුතුය. මෙරට මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය ආරම්බ කළ දින සිට එම ක්‍රමය බරපතලම අර්බූදයකට ලක් වූයේ පසුගිය රාජපක්ෂ පාලන සමය තුලය. දූෂිතයන්, වංචාකරුවන්, ජාතිවාදීන් පෙර යුගයේ සිටියා නමුත් මෙතරම් කලකණ්නි යුගයක් ඉතිහාසයේ තිබුණේ නැත.