ආක්ෂා සුධාරි සහ ස්වයං වින්දනයේ යෙදෙන මාධ්‍යකරුවන්
ආක්ෂා සුධාරි මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. මේ වන විට බොහො පිරිසක් ඇයව පට්ට ගහන්න පටන් අරන්ය . එයත් සිදුව ඇත්තේ කාන්තාවකට පහර එල්ල කරන්න පුලුවන් කැතම අකාරයටය. මේ විදිහට ඇයගේ පුද්ගලික කාරණයක් අල්ලගෙන ගහන එකට නම් කිසිසේත් එකග විය නොහැකිය. ඇය මුදල් වංචාවකට චෝදනා ලබා තිබෙනවා වීමට පුළුවන. එයට අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවෙමින් පවතී. ඇය ජනප්‍රිය චරිතයක් නිසාවෙන් එම අධිකරණ කටයුත්ත බොහෝ මාධ්‍ය පලකර ඇත. ඇගේ කටඋත්තරය පළ කිරීම වෙනම කාරණයකි. නමුත් තමන්ගේ මාකට් එක ගැන හිතන බොහෝ උදවිය එම කටඋත්තරයේ එක් කොටසක් උලුප්පමින් නිව්ස් එක උස්සා ගන්න හදන බව පැහැදිලියි.
ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය! - ලයනල් බෝපගේ
ආදරනීය මිතුරනි,
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය!
එක්තරා කැලයක නාගයෙක් ජීවත් උනා. නමුත් ඒ නාගයා තීරණය කළා මම අනිත් නයි වගේ වෙන්නෙ නැහැ. වෙනස්ම වෙනස් නයෙක් වෙනවා කියලා. මොකද නයා කිව්ව ගමන් මිනිස්සුන්ට එන්නෙ මාරාන්තික බයක්. නයෙක් දැක්කොත් එහෙම පණ එපා කියලා දුවනවා. නැත්නම් නයා ට වැඳලා කණ්නලව් කරලා කියනවා අනේ නයි හාමී අපිටනම් කරදරයක් කරන්න එපා කියලා. නයා ව මරන්න තියා කිට්ටුවෙන්නවත් මිනිස්සු බයයි. මොකද කියමනකුත් තියනවෙන් නයාට ගහල පොල්ල වරද්ද ගත්තා වගේ කියලා. ඉතින් මෙන්න මේ කරුණු කාරනා නිසා අපි මේ කියන්න යන කතාවේ ඉන්න නාගයා හිතනවා, මෙච්චර කාලයක් මිනිස්සු නයා ගැන හිතාගෙන ඉන්න මෙන්න මේ ආකල්පෙ වෙනස් කරන්න ඕන. ඉතාම සාධාරණ වෙනස්ම වෙනස් නයෙක් වෙන්න ඕන කියලා.
ලක්ෂපාන ඇල්ල හා කදුකර පරිසර පද්ධතිය විනාශවීමේ අවදානමක
කැළණි ගගේ අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර්පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානිය නවත්වන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ තානාපති විද්‍යාඥ පැටිරික් කිකිබ් විසින් අප වෙත ලිපියක් යොමුකර ඇති අතර අදාළ බලධාරින් වෙත එය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
එගොඩ යෑමට හෝ මෙගොඩ යාමට අපේක්ෂාවෙන් සිටින ඡන්ද අපේක්ෂකයන් මේ වන විට ඒ උදෙසා විවිධ උත්සාහයන්හි නිරතවෙමින් සිටිනවා නියතය.අනෙක් අතට ජනතාව ද බලාපොරොත්තු වන්නේ තමන්ට ගොඩයා හැකි පරිසරයක් උදාවීමය. ඔවුන් බලාපොරොත්තු පොදි බදින්නේ නිදහසේ ජීවත්විය හැකි බඩ වියත රැකගත හැකි හෙට දිනයක් උදෙසාය. හෙට දිනය උදෙසා දිනපතා බලාපොරොත්තු පොදි බදින මිනිස් සමාජයක පොදුවේ මිනිස් වර්ගයා බලාපොරොත්තු තුළම ජීවත් වෙති .මේ අතර සමහරුන්ගේ බලාපොරොත්තු තුළින් සමස්ත සමාජයම රටම ඇද දමන්නේ අගාධයකටය.ජනතාව එවන්වූ අගාධ සමයකින් ගොඩ ආවා පමණකි. නමුත් කණගාටුවට කරුණක් වන්නේ ජනතාවට එගොඩවීමට හෝ මෙගොඩ වීමට සිතා පත්කර ගන්නන් අවසානයේ ජනතා අපේක්ෂා තුට්ටුවකට මායිම් නොකිරීමයි.පවතින අප්‍රසන්න දේශපාලන රාමුව තුළ හුදු පුද්ගල මුහුණු රහුවකින් පමණක් වෙනස් කළ නොහැකිය.අවශ්‍යව ඇත්තේ දේශපාලන ක්‍රමයේ පැහැදිලි වෙනසකි.
දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත් - ආචාර්ය රංග කලන්සූරිය
පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින් තවත් එකක් විය හැකිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වුණේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ ආයතන වඩාත් ශක්තිමත් කිරීමෙන් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමටයි. එහෙත් අද අප දකින්නේ එදා ඔහු වේදිකාවේ දුන් ප්‍රතිඥාවට ඉඳුරා පටහැනි තත්වයකි.
ඉදිරි මහමැතිවරණයෙන් තේරීපත්වන මන්ත‍්‍රීවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ගොදුරුවීම වැළැක්වීම සඳහා වැඩි අවධානයක් යොමුකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසා තිබුණි. මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෑම විටම බලය හිමි මහජන නියෝජිතයින් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි උත්සාහයක් දැරීමද දක්නට ලැබේ.පුහුල් හොරා කරෙන් දැනෙන්නාක් බදුව දැන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ගෑවුණු පුද්ගලයන් පිළිබදව ජනතාව තුළ අවබෝධය ගොඩනැගී ඇත.
වර්ෂ 2015 ජනවාරි 8 වැනි දින මෙරටෙහි ඇති වූයේ සමාජ විප්ලවයකි. එය බොහෝ දුරට ප්‍රංශ විප්ලවය හා සමාන වන්නේය. අවුරුදු දහයකට ආසන්න කාලයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා විසින් රටෙහි ඇති කරනු ලැබූ සමාජ තත්ත්වයන් තුළ පීඩාවට පත් රට වැසියන් ඔහුගේ පාලනය අවසන් කිරීම සඳහා ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රටෙහි ජනාධිපතිවරයා වශයෙන් අභිෂේක ලබන්නේය.