ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක්‍රියාකාරිකයන්ව ප්‍රධාන කැබිනට් තනතුරුවලට පත්කර ගැනීම සඳහා ඔහුට කිරීමට ඇති සටන සුළුපටු නොවේ.
දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකධුරය හිමිවිය යුත්තේ ඇයි?
ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන ලද දේශපාලන හවුල්කාරීත්වයයි. මෙවර එම දීගයට විශේෂ නමක් යොදා තිබේ. ‘සම්මුතිවාදී ආණ්ඩුව‘ එහි නවතම උප්පැන්නයේ ඇති නමයි. ඊට අමතරව දෙපාර්ශවය විසින් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කොට තිබේ.
මේ ලිපිය ලියන විසිවන බ‍්‍රහස්පතින්දා රාත‍්‍රිය වන විට සැප්තැම්බර් පළමු වනදා බිහි වීමට නියමිත නව ආණ්ඩුවේ හැඩරුව සකසා අවසන්ය. එයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රකාරව ‘ජාතික අවශ්‍යතාව මත ගොඩනැගෙන ආණ්ඩුව’ යැයි කියමු. කෙටියෙන් ජාතික ආණ්ඩුවය.
සුදුවෑන් වලින් උස්සල මිනී මැරුවේ මහින්ද දැනුවත්ව ! ඩොනල්ඩ් පෙරේරා හෙළිකරයි
රාජපක්ෂ යුගයේදී සුදුවෑන් වලින් කළ පැහැරගෙන යාම් සිය ගනනක් සිදුවිය. ඒ පැහැර ගෙන ගිය මිනිස්සු ආපසු ආවේ නැත. එහෙත් ආපසු එන්නට වාසනාව පෑදුන් ව්‍යාපාරික ඩොනල්ඩ් පෙරෙරේරා මහතා තමන් අත්වින්ද සත්‍ය 'සත්හඬ 'පුවත් පතට හෙළි කර ඇත.
ඡන්දය කටුගාන්න එපා. මෛත්‍රී යන්නෙත් ප්රජාතන්ත්ර විරෝධි ගමනක්. හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළයුතුය.
එළෙඹෙන මහ මැතිවරණයේදී ඡන්දය කටු ගෑමට යෝජනා කරන තක්කඩියකු ගැන අසන්නට ලැබිණි. මේ යෝජනාව එන්නේ තමන්ට ගෝචර නොවන තවත් පක්ෂයක් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීම වැලැක්වීම සඳහා වන යෝජනාවක් ලෙසය.
මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස සිය පක්ෂය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් සිටින ක්‍රමවේදයන් දෙස සියුම්ව සලකා බලන්නේ නම් ඔහු දීර්ගකාලීන සැලසුමක් අනුව පක්ෂයේ බලය තමන් තුලම නතු කර ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව පැහැදිලිය.
ඉතිහාසයේ අතිශය සාමකාමී හා නිහඬ මැතිවරණයක් ලෙස මෙවර මහ මැතිවරණය හැඳින්විය හැකි වූවද මේවන විට මැතිවරණයේ උණුසුම දැඩිවන්නට පටන් ගෙන තිබේ. පෝස්ටර්, කටවුට් ආසන කාර්යාල හා රැස්වීම් ආදියෙහි කැපි පෙනෙන අඩුවක් දිවයින පුරාම දකින්නට නොලැබෙන තත්වයක් තුල මේවර ඡන්ද දායකයට තරම්ක් නිදහසේ වරක් දෙවරක් කල්පනා කර තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග්‍රාහක ක්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග්‍රහ ලබන මිනිසුන් වශයෙනි. අසවල් දේශපාලඥයාට ඔවුන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ, සමහර විට රැකියාවක් අපේක්ෂාවෙන් විය හැකිය. නැත්නම්, දරුවාව හොඳ පාසලකට දමා ගැනීම සඳහා විය හැකිය. එසේත් නැතහොත්, රජයේ යම් කොන්ත්‍රාත්තුවක් අපේක්ෂාවෙන් විය හැකිය.