මූට තිබුණෙත් ඒකාධිපතියන්ට වැළදෙන මානසික රෝගයකි.

Saturday, 24 October 2015 15:21

ලොව සියළු ඒකාධිපතියන් පෙලුනු පොදු මානසික රෝගයක් තිබේ. Megalomania - අහංකාරෝන්මාදය යනුවෙන් එය අපේ පහසුවට, වටහා ගත හැකි ලෙස පරිවර්තනය කරගත හැක.

විශේෂයෙන්ම දේශපාලකයන්ට,තමන්ට දරා ගන්න බැරි බලයක් ලැබුණු විට, ඒ අන්න්‍යන් වෙත බලපැවැත්වීමේ ආසාවෙන් පෙලීම කරන කොට ගෙන මේ මානසිකත්වය ඇතිවේ. එවිට තමන්ට නැති ලොකුකම් පෙන්වන යයි. තමන් සර්ව බලධාරියකු බව පෙන්වන්න යයි , තමා පැවතෙන පරම්පරාව සැඟවීම හෝ හෝ ඉතා උස් කොට සැලකිම කරයි. පරම්පරා හතකවත් එහා එකෙකු රාජකීය පවුලකට සම්බන්ධව නොසිටියත් ඉතිහාසය වෙනස් කර හෝ රජ පවුලකට නෑකම් කියන්න වෙහෙසෙයි. එහෙම නැතිව මහරජාට ඇන්ද පිස්සු ඒකාධිපතියන් ඉතා විරලය. නැති ලොකුකම පෙන්වන්නට අඩි සියේ කටවුට් රට පුරා ගසයි. ලයිට් කනුවක් කනුවක් පසා ඉහළින් ක‍ටුව්ට් ගසයි. පැය 24 පුරාම රූපවාහිනි නාලිකා වල රූපය තිබිය යුතුය. පත්තර පි‍ටු පුරා පින්තූර තිබිය යුතුය. මහරාජානෙනි වැනි ප්‍රසස්ති ගායනා,7 වැනි මිහිදුරජතුමා, නූතන දු‍ටු ගැමුණු රජතුමා, ජනමූල නායකයා වැනි ශාස්ත්‍රීය පැහැදිලි කිරීම් තිබිය යුතුය,

යාන වාහන දැසිදස්සන රැකවලුන් පිරිවරා ගෙන යනෙන තැනක යායුතුය. තමන් ඉදිරියේ සියලු දෙනා දෙකට නැවිය යුතුය. නීතියට යටත් නැත. මහා මාලිගාවල් කිහිපයක්ම තිබිය යුතුය. මෑත ලෝකයේ ඒකාධිපතියන්ගේ ‍රැල්ල වූ පොළව යට මාළිගාවක්ද තිබීම අලුත් එකාධිපතියන්ටත් මානසික සහනයකි. මන්ද, ඒකාධිපතියකු ලෙස අන් සියළු දෙනා මර්දනය කරමින් යටපත් කරමින් ගෙන යන බිහිසුණු පාලනයකදී තමන්ටත් දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ලේ වෙතැයි බියද නිරන්තරයෙන් පැවතීම ය. එවැනි ප්‍රහාරයකදී ලෝකයෙන් වහන් වී සිටීමට නම් හොඳ තැන පොළව යට බංකරයක් බව මොවුන් සිතය.

මේ නිසා බංකර් මාලිගා මෑත කාලයේ ලොව විසූ සෑම ඒකාධිපතියකුම පාහේ ඉදි කරගෙන තිබු බව පෙනෙන්නට තිබිණි.

සාමාන්‍යයෙන් පොලොව යට බංකරයක් අවශ්‍යවන්නේ හදිසි තත්වයකදී ජීවිත බේරා ගැනීමටය. උතුරේ යුද්ධය පැවැති කාලයේදී එහි ඇති හැකි පවුල් වල හැම නිවාසයකම අහ්‍යන්තරයේ පොළව යට බංකර සකස් කරගෙන තිබිණි. කොයි වෙලවේ ගුවන් ප්‍රහාරයක් එල්ලවේදැයි තිබුණු බිය නිසා ඒ බංකර ඉදිවූ නමුත් ඒ ස්ථිර පදිංචිය වෙනුවෙන් කිසිවකුත් යොදා ගත්තේ නැත.

එලෙස ස්ථිර පදිංචියට එල්ටීටීඊ නායක ප්‍රභාකරන් හා තවත් නායකන් පොළව යට බංකර් ඉදි කරගෙන තිබිණි. ඒ සැප ගන්න නොවේ. සටනක් වෙනුවෙනි. යුද්ධයට නායකත්වය දීම වෙනුවෙනි.

එහෙත් කොළඹ ජනාධිපති මන්දිරයේ බංකරය කියන්නේ බංකරයක් නොවන බංකරයකි. බංකර් මාලිගාවකි. ඒ හදිසි අවස්ථාවකට සැඟවෙන්න ආරක්ෂා වෙන්න ගොඩ නගපු දෙයක් නොවේ. එල්ටීටීඊය එල්ල කළ හුචක්කු කුරුම්බැට්ටි ගුවන් ප්‍රහාරයන් ගෙන් බේරෙන එක, ගෝල් ෆේස් පිට්ටනිය මැද ඉඳගෙන කෝචොක් පාරකුත් දාන ගමන් කරන්නට පුලුවන් කම තිබිණි. මේ බංකර් මාලිගය හදා තිබෙන්නේ පරමණු බොම්බ වලටත් ඔරොත්තු දෙන සයිස් එකෙන්ය. ( අධිරාජ්‍යවාදී ප්‍රහාරයක් එල්ලවෙයි යැයි ඔහු සිතා සිටියාද අපි දන්නේ නැත.විමල් වීරවංශලා ගේ අධිරාජය විරෝධි ප්‍රකාශ නිසා එහෙම හිතෙන්නටත් බැරි කමක් නැත.)

කොහොමින් හරි කොළඹට දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවක අරලිය ගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට දුවගෙන එන්න වෙලාවක් නැත. ගාලු පාරේදීම සෙත්තපොච්චි වෙන්න තියෙන ඉඩකඩ ඉතා විශාලය. ඒකටත් වඩා මේ බංකරය තියෙන්නේ මාරම තැනකය. වරායේ අල්ලපු වැටේය. මහබැංකුව, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, නාවික හමුදා කඳවුර පේන දුරය. ගුවන් ප්‍රහාරයක පෙළමු ගොදුරක් වන්නේ වරාය ගුවන් තො‍ටුපොළ ආදි මර්මස්ථානයන්ය. පාලකයා ඉලක්ක වෙන්නේ පසුවය. ඒ නිසා මේ බංකරයේ පිහිටීම, ඒ ආරක්ෂාව ගැන සිතා ඉදිනොකලක් බව පැහැදිලිය. සමහර විට යුද්ධය කළේ ගොඨා නිසා එහෙම ලැබුණ උපදේසයක් ද විය හැකියග ඒ අපි නොදනී. ගොඨාස් වෝ පොතෙත් මේ බංකර්ය ගැන සඳහනක් නැත. ඒක කොහොම උනත් ඒක හදල ඉවර වෙන්කොට යුදහමුදාපති හිර ගෙදරය.

මේ වෙන මොකකවත් නොවේ. ඉහත කී මානසික රෝගයේ ප්‍රතිපළයකි. දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කරන්නට තරම් තමනුත් ලොකු .‘ටාර්ගට් එකක් යැයි කල්පනා කිරීමය. බංකරය උනත් රාජාගේ නම් ඒක රජ සිරියක් ගත යුතු බව සදාම් හුසේන්ලා , ගඩා‍ෆිලා මීට පෙර ආදර්ශයන් දී තිබිණි. ඒ ආදර්ශය අනුව මේ තට්‍ටු හතරේ සුපිරි බංකරය ඉදිවියයුතු බව සිතෙන එකත් අර රෝගයේ ලක්ෂණයකි.

මේ රෝගය වැලඳුනාම ඌද මූද කියා දෙයක් නැත. හැසිරෙන්නේ එකම විදිහටමය. ලෝකය කොයි කොනේ හිටියත් හැම ඒකාධිපතියකුගේම ජීවිත චර්යා විමසා බලන්න, වෙනසක් නැත. උන් සේරම ලෙඩ්ඩුය. ඒ ලෙඩ නිසා තුවාල වුණේ රටේ සාමාන්‍ය ජනතාවටය. මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය එයය.

ලෙඩ්ඩුන්ව රජකළේ ජනතාවය. ඒ ලෙඩ්ඩු බව නොදැනය. මොකද ලෙඩේ හැදෙන්නේ රජ වූ පසුවය. එහෙත් ජනතාව පාඩමක් ඉගෙන ගත්තේ නම් යහපාලනයේත් මේ රෝග ලක්ෂන පහළ වේගෙන එන විටම ඊට නිසි ප්‍රතිකාර ලබා දීමට සමත් විය යුතුය. ලෙඩා බෙහෙත් තිත්ත නිසා ඒ මඟ හරිනු ඇත. එහෙත් බෙල්ලෙන් අල්ලා හෝ බෙහෙත් පෙවීමට තරම් ජනතාව ශක්ති සම්පන්න විය යුතුය.

සැබැඳි පුවත්:

මෙන්න, මහින්දගේ පොළව යට මාළිගාවේ ඡායාරූප ! ඒකේ නැකත හදල තියෙන්නෙත් සුමනදාස.

කොළඹ ජනාධිපති මන්දිරය යට තවත් සුඛෝපභොගී මාළිගාවක් !

 

මාලිගා සිහිනයේ වෙලී සිටි ඒකාධිපතියන්ගේ වැඩ කිහිපයක්

palace-1

palace-2

palace-4palace-5palace-6palace-7

Last modified on Saturday, 24 October 2015 15:41

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us