කහකඩ ධාරී ඥානසාර සහ ඔහුගේ බොදු බල සේනා සංවිධානයට මේ දිනවල අරමුදල් හිඟය. රාජපක්ෂ කාලයේදී නම් ඒවා රාජපක්ෂවරු විසින් සපයා තිබූ බව වාර්තා වී තිබේ. එහෙත් දැන් රාජපක්ෂලා තමන්ගේ අතින් වියදම කරගෙන හරක් බලන්නෙ නැත. රාජපක්ෂ සමයේදී ලැබුණා වූ වරප්‍රසාදයන් කොන්ත්‍රාත් ටෙන්ඩර් ජාවාරම් කොමිස් මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැති වීම නිසා තමන්ට වගතුවක් වෙන්නෙ යළි රාජපක්ෂලා බලයට පැමිණ විට පමණකැයි කල්පනා කරන පිරිස් තමගේ අතින් වියදම් කරගෙන හෝ රාජපක්ෂලාව බලයට ගෙන ඒමට දැඩි උත්සාහයක් දරමින් සිටී.

වෙසක් පෝයට පෙර අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් ඇතැයි පැවසුනත් කුමන හේතුවක් නිසා හෝ එවැන්නක් සිදු නොවිනි. අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල ද එයින් වැඩි ප්‍රයෝජනයක් සිදු නොවනු ඇති බව මගේ අදහසයි. අපට දැනට සිටින්නේ උදාසීන/කුසීත සහ කිසිදු වගවීමක් නොමැති අමාත්‍ය මණ්ඩලයකි (මෙයට යම් ව්‍යතිරේක ඇත). එකම පුද්ගලයින්ගේ විෂයයන් මාරු කර දීමෙන් වෙනස් ප්‍රතිපල ලැබේයැයි අපේක්ෂා කල හැකිද? ඉසේ ඇම්මට විසඳුම කොට්ටය මාරු කිරීම නොවන බව අපි කවුරුත් දනිමු.

පසුගිය සමයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් වැලිකඩ රැඳවියන් ඝාතණයේ ඝාතකයායැයි නම කියැවුණු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රංගජීවට වෙඩිතැබීම පසුපස සිටින්නේ එම ඝාතනයට අණ දුන් පසුගිය රජයේ අයවලුන්ම බව ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන තත්ත්වයක තිබියදී, රජය සහ ජනමාධ්‍ය වටෙන් වටෙන් ගොස් ඔහුට වෙඩි තැබීම වෙනත් පාතාළ කණ්ඩායම් හෝ තවෙකෙකුගේ ගිණුමට බැර කිරීමට යත්න දරමින් සිටිති. රජයට සහ ආරක්ෂක අංශ වලට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමය. කෙසේ හෝ පසුගිය රජයේ අනෙක් කාරණා වලදී මෙන්ම මේ ප්‍රශ්ණයේදීද ඔවුන්ව ප්‍රශ්ණ කිරීමට නව මෛත්‍රී රනිල් රජය ඇඹරඑන්නේ දේශපාලන ඩීල් හේතුවෙනි.නැතහොත් තම පංති යුතුකම ඉටු කරමින් සිටිනා බව ප්‍රත්‍යක්ෂය.

මගේ මතය ගණිකා වෘතිය නීති ගත කළ යුතු බවය, එහෙත් එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නීතිගත කරන්න ගියහොත් මම ඊට සහාය නොදෙන්නෙමි ! හේතුව, ගණිකා වෘතිය තුල එම ලිංගික සේවකයාත් පාරිභෝගිකයාත් දෙදෙනාම සූරා කා සම්පූර්ණ වාසිය ලබා ගන්නේ වෙළෙන්දාය. මුඩුක්කු වෙනුවට ලස්සන ගෙවල් නම් හදන්නට ඉඩ ඇත. එහෙත් ගණිකා ව්‍යාපෘතිය ද, අන් සියල්ල මෙන්, දේශපාලකයින්ද සම්බන්ධ කර ගත් ජාවාරමක් බවට පත්වීම වැලැක්විය නොහැකි අතර දිලිඳු පාසල් යන දැරියන් පවා, උප්පැන්න සහතික පවා වෙනස් කර කිසිඳු ප්‍රමිතියක් නැති ගණිකා වෘතියට ඇද දමනු ඇත. සයිටම් සම්බන්ධයෙන්ද මගේ මතය බොහෝ දුරට ඊට සමානය.

ගමක් ජන ශුන්‍ය වීම වලක්වා ගැනීම සඳහා පිටස්තර ප්‍රදේශ වල පුද්ගලයන් ගමේ පදිංචිවීමට පෙළඹවීම අරමුණු කොට ගෙන මුදලක් ගෙවීමට තීරණය කළ නගරධිපතිවරයකු ගැන ඉතාලියෙන් වාර්තාවේ.

ප්‍රංශයේ පැවැති ජනාධිපතිවරණ ජයග්‍රාහකයා සම්බන්ධයෙන් මෙරට සිංහල භාෂා වෙබ් අඩවි හා සමාජ ජාලා වල සටහන් වූ  අදහස් කිහිපයක්........

ලාලසාවන් කුමන්ත්‍රණය ගෙතීය. නීතිය වන වැදී සිටියෙන් යුක්තිය කුණු කානු හරහාවත් ගලා ගියේ නැත. සියල්ල අසංවේදීව ගල් ගැසුණු නිමේෂයක ශෝකාන්තය සිදුවිණ. රක්ත වර්ණ රුධිරයේ අවසන් බිඳුවත් ඉවතට ඇදෙන විට සිරුරු වෙව්ලුම් දීම වැඩි කළේ නිරුද්ධ වන ප්‍රාණය තවත් මොහොතකට හෝ ඉතිරිකර ගන්නට බව පැහැදිලිය.

ජනාධිපති සිරිසේන පිරිමියෙකි. අංග ජාතයක් සහිතව උපන්නෙකි. ඔහු අංග ජාතය තියෙන්නේ ලිංගික සංසර්ගයේ යෙදී දරුවන් වැදීමට පමණක් කියා දැඩිව විස්වාස කරන්නකි. එයා ස්වයං වින්දනයේ යෙදෙන්නේද නැත. ඒ රටේ නීතිය අනුව වරදකි.   වික්ටොරියනු යුගයේදී සුද්දා දාපු සදාචාර නීතිවලට අනුව ස්වයං වින්දනයේ යෙදිමද නීති විරෝධී ලෙස සැලකිය හැකිය.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us