තේවරප්පෙරුම ආපදාවට ලක්වීම Featured

Sunday, 28 May 2017 13:29

පාලිත තෙවරප්පෙරුම නම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ මහජන නියෝජිතයා.. සරම කැහැපොට ගසා ගෙන ගංවතුර අස්සට පැන එහෙ මෙහෙ දුවමින් කළ කී දෑ සම්බන්ධයෙන් සමාජ ජාලා කැළැඹීමට පත්ව තිබෙනු පහුගිය දින දෙකෙදී දකින්නට ලැබිණි. තෙවරප්පෙරුමගේ ව්‍යායාමය අගය කරන්නන් බිහි වෙත්ම ඊට පෙරලා පහර දෙන්නගේ ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය.

වෙනදා මත ගැ‍ටුම් වල නියැලි සිටි සතුරු පාර්ශ්ව පවා ඒ වෙනුවෙන් එක්ව පෙලගැසී සිටීම ද අපූරුය. විශේෂයෙම ජනතා විමුක්ති පෙරෙමුණේ සාමාජිකයන් හා හිතවතුන් ඒ අතර ප්‍රධාන විය. ඊට දෙවනුව වෙනත් වාමාංශික මත දරන්නන් ද සිටියහ. ඊට ත් පි‍ටු පසින් විරුද්ධ දේශපාලන පක්ෂ කොටස් එහෙන් මෙහෙන් සිටිනු දකින්නට ලැබිණි. තෙවරප්පෙරුමගේ ක්‍රියාකාරිත්වය ජෝක් කිරීම, අවතක්සේරු කිරීම, තක්කඩිකමක් ලෙස අර්ථ දැක්වීම ආදිය මොවුන් විසින් සිදු කළේය. ( එහෙත් පසුව ඒ ඒ දේශපාලන කොටස් තම තමන්ගේ නියෝජිතයන් සරම කැහැපොට ගසාගෙන වතුරට බහින විට මීක් නැත..තමන්ට පෙර වෙනත් එකෙකු ඉස්සර වීමේ නිසා ඇතිව තිබෙන කුහකකම ඊර්ෂාව හැර ඒ වෙනකක් නොවන බව දැන් පැහැදිලිය)

ගමේ මෙම්බර් නැතුව බෑ.


පාලිත තෙවරප්පෙරුම හෝ වේවා වෙනත් මහජන නියොජිතයෙක් හෝ වේවා. ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට ඉදිරිපත් වීම වරදක් නොවේ. ඒ සමාජය බාර ගත යුත්තේ විපතේදී තවත් මනුස්සයකු වෙනුවෙන් තවත් මනුස්සයකු කරන උපකාරයක් ලෙසය. මන්ද දේශපාලකයාගේ කාර්යභාරය වන්නේ වතුරට බැස විපතට පත් වූවන් බේරාගැනීම, බත් පැකට් බේදීම, වතුර බොතල් බේදීම නොවන නිසාය. ඒ අනුව පාලිත තෙවරප්පෙරුමලා වතුරට බැසීම ඔවුන්ට අයත් 'නිල' රාජකාරියක් නොවේ.

එහෙත් ආපදාවට ලක්වූ ජනතාව වෙතින් ඇසෙන බරපතල අඳෝනාව වී ඇත්තේ තමන්ට උදව් කරන්නට රජයේ / ආණ්ඩුවේ කිසිවකු ආවේ නැති බවය. ඡන්දෙ නම් ඉල්ලන එනවා . ඒත්දැන් පැත්ත පළාතේ නැති බවය. එනම් ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ සරම කැහැපොට ගසා ගත් තමන්ගේ ප්‍රදේශයේ, ආසනයේ හෝ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා, ඇමැතිවරයා බත් පැකට්‍ටුවක් රැගෙන තමන් ඉදිරියට ඒමය. ඒ යථාර්ත තේරුම් නොගෙන තෙවරප්පෙරුමලාට ගරහන වුන්ගේ විවෙච්න ඉතා අසාධාරණය. ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමාංශික ලෙස පෙනී සිටින මහා මානවවාදයක් දොඩවන පක්ෂයකට පවා මේ ජනතාවගේ දුර්වලතාවයෙන් නොදන්නාකමෙන් ප්‍රයෝජනය ගැනීමට සිදුවන තැනට පත්වීම ඒ අනුව සිදුවේ. ජවිපෙ රතු තරුව යනු ඒ තක්කඩි කටයුත්තේ ජනප්‍රිය ප්‍රකාශනයය. අවුලක් නැත...රටේ බහුතර ජනතාවට අනුව එසේ කිරීමට සිදුවේ. නැත්නම් පැවැත්මක් නැත. ක්‍රම විරොධී වැඩ වලට යෑම සිය දිවි නසා ගැනීමක් බව මේ ඊනියා වාමාංශිකයෝ අත් දැකීමෙන්ම දන්නා සත්‍යක් වීම නිසා ඔවුන්ට අනුකම්පා කළ යුතුය.

වගකියන්නෙ රජය

කොහොම නමුත් කවුරු කවරක් කීවත් මේ ආපදා අවස්ථාවේදී පවා ඒ වෙනුවෙන් බරපතලම රාජකාරිය, වගකීමක් ඇතිව ඉ‍ටු කරනු ලැබුවේ ශ්‍රිලංකා රජය විසින්ය. මේ පෞද්ගලික මාධ්‍ය වල හෝ සාමාන්‍ය ජනතාවගේ කාර්යභාරය අවතක්සෙරු කිරීමක් නොව රජය මෙහිදී තමන්ගේ වගකීම පැහැර හැරියාය යනුවෙන් කෙරෙන චෝදනාව වැරදි බව පැවැසීමකි.

ආපදාවකට පෙර ආපදාවන් වලක්වා ගැනීම ඒ කලමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් තව දුරටත් දුර්වලතාවයක් පවතින බව සැබෑය. එහෙත් පසුගිය අවුරුද්දේ මුහුණ දීමට සිදුවූ තත්වයන් අනුව එම දුර්වලතාවයක් බොහොමයක් නිවැරදි කර ගැනිමට සමත්ව තිබුණු බව ද පැහැදිලිය.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයක් ගොඩනඟා ඊට අවශ්‍ය පහසුකම් තාක්ෂණය ආදීය වෙනුවෙන් විදේශ ආධාර ලෙස පවා බිලියන් ගනනින් මුදල් හා ද්‍රව්‍යමය ආධාර ඒ දවස ලැබී තිබුණද ඒ සියල්ල පසුගිය රජය සමයේදී ගසා කා විනාශ කර තිබු බව කවුරුත් දන්නා සත්‍යයකි. එමෙන්ම මේ ගොඩනැගීම සඳහා අවංකව මැදිහත් වූ නිලධාරීට වැඩ කිරීමට ඉඩ නොදී ආයතනයෙන් එළවා දැමීමද සිදුව තිබේ.( ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ බිලියන ගනනක ගසාකෑම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් සිදුකර හොරු කවුද කියා හඳුනාගෙන තිබුණත් වර්තමාන ඇමැති මණ්ඩලයේ ඇමැතිවරුන් දෙදෙනෙකුම නමද ඊට අයත් නිසා විමර්ශන එතැනින් නතර වී තිබේ)

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සිටි ඉහළ නිලධරයකු මීට පෙර පාදුක්කෙ දැනට වල් බිහිව තිබෙන චන්ද්‍රිකා මධ්‍යස්තානය යළි ගොඩනඟා චන්ද්‍රිකා තාක්ෂණය හරහා ආපදා කලින් දැන කියා ගැනිමේ තාක්ෂණය යොදා ගැනීමට කළ උත්සහය වතුරේ ගියෙය. ආපදාවට ලක්වූවන් බේරාගැනිම වෙනුවෙන් තොරතුරු ලබා ගැනිමට අවශ්‍ය කරන ජංගම දුර්කතන මෙවලමක් (ඇප්ලිකේෂන්) හඳුන්වා දීමට කටයුතු කොට තිබිණි ඒද වතුරේ ගියෙය. ආපදාවකදී ක්‍රියාත්මකවීම සඳහා ඊට විශේෂ පුහුණුවක් ලත් හමුදා නිලධාරීන් වැඩි ප්‍රමාණයක් පුහුණු කිරීමට ගත් උත්සාහයද වතුරේ ගියෙය.....මේ ආකාරගෙන් ආපදා කලමනාකරණය සම්බන්ධයෙන් ගත් සාධනීය පියවරයන් රැසක් තිබුණ නමුත් ඒ කිසිවක් ක්‍රියාවට නැගීමට බලයේ සිටි වුන් උනන්දුවක් නොදැක්විය. කෙසේ නමුත් මේ වන විට යම් ප්‍රගතියක් නිලධාරී මට්ටමෙන් හෝ අත්පත් කරගෙන ඇත. එසේ නොවෙන්නට මෙවර විනාශය මීට වඩා බොහෝ සෙයින් වැඩි වන්නට ඉඩ තිබිණි.

හමුදාව නැත්නම් ඔක්කොම ඉවරද?

රජයක් ලෙස මෙම ප්‍රශ්නයට මුහුණ දිමේදී එහි ප්‍රධන වගකීමක් පැවරෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම් වරුන්ටය. ඔහුගේ දැනුම් දීම් අනුව රාජ්‍ය පරිපාලන අමාතයංශය හරහා අගමැතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛව සමස්ථ ආණ්ඩුව ක්‍රියාත්මක වන අතර අවශ්‍යතාවය අනුව ආරක්ෂක හමුදා පොලීසිය වෙත ක්‍රියාන්විතයන් පැවරේ. අපදාවට ලක්වූ ඇතැමුන්, මාධ්‍ය හරහා චෝදනා කළේ රජයේ ආණ්ඩුවේ කිසිවකුත් ආවේ නෑ හමුදාවයි පොලිසියය විතරයි ආවේ කියාය. ආරක්ෂක අංශද පොලිසියද රජයේ බව මේ මිනිස්සු නොදනිති. ඔවුන් මීට මැදිහත් කරනු ලබන්නේ දිස්ත්‍රික් /ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ හා ග්‍රාමසේවකවරුන්ගේ ඉල්ලීම නිර්දේශ පරිදි බව මේ මිනිස්සු නොදනිති. සමාජ ජාලාවල ඇතැම් විටෙක හමුදා පිරිස් උත්කර්ෂයට නංවා තිබුණේ හමුදාව නැත්තන් ඔක්කොම ඉවරයි .හමුදාවේ ඉන්නේ දෙවිවරුය ආදී වශයෙනි. නමුත් සත්‍ය කතාව නම් ආපදාවකදී ජනතාව මුදා ගැනීම හෝ හානිය අවම කර ගැනීම සඳහා හෝ ක්ෂණිකව ක්‍රියාත්ක වීම වෙනුවෙන් රජය විසින් පෙර සුදානම් කර සිටින කණ්ඩායමක් හමුදාවේ සිටින බව මේ මිනිස්සු නොදන්නාකමය. ඒ මැදිහත් වූයේ පුහුණුව ලත් කණ්ඩායමක් බව ඔවුන් නොදනිති. ආපදා අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලත් හමුදා කණ්ඩායමක් සෑම දිස්ත්‍රික්කයකම අනුයුක්ත කර තිබේ. අවශ්‍යතාවය අනුව එම පිරිසේ නායකත්වය යටතේ අනෙක් හමුදා බට පිරිස යෙදවීම සිදු කරනු ලබයි. ඒ අනුව හමුදාව සිදු කරනු ලැබුවේ රජය විසින් ඔවුන්ට පවරා තිබෙන රාජකාරියය. ඒ රාජකාරිය කිරීමට දිස්ත්‍රික ලෙකම්ට ප්‍රදෙශිය ලෙකම්ට ග්‍රාම සෙවකට ගෝ මැති ඇමැතිවරුන්ට නොහැකිය. ඔවුන්ට අයත් රාජකාරීන් ඊට වෙනස්ය.
අවතැන් කඳවුරු වලට කෑම බීම ඇඳුම් පැලදුම් වෛද්‍ය ප්‍රතිකර හෝ අනෙකුත් පහසුම් සැලසීම පවා කලමනාකරණය කරනු ලබන්නේ ප්‍රාදෙශිය ලේකම්වරු හා ඒ රාජ්‍ය නිලධාරීන් විසින්ය.. මාධ්‍ය ආයතන මහා ප්‍රසිද්ධියක් දි ආධාර එකතු කරනු ලැබුවද ඒ අවශ්‍ය ජනතාව අතර බේදාහැරීම සම්බන්ධයෙන් සහය ලබා ගන්නට වෙන්නෙ ද ප්‍රාදේශිය ලේකම් මඟිනි. සියලු තොරතුරු ඇත්තේ ඔවුන් සතුවය.

ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණයේ විදිමත් ක්‍රියාන්විතය නොවනට අන් සියලු දේ අවුල් සහගතව අවසානයේ මහ විගඩමක් බවට පත්වීම වැලැක්විය හැකි නොවේ. දේශපාලන අධිකාරියෙන් වියයුතු වන්නේ ඒ රාජ්‍ය යාන්ත්‍රණයට ශක්තිමත්ව හා පහසුවෙන් ඒ රජකාරීන් ඉ‍ටු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමය. එමෙන්ම වැඩ නොකරන වුන් සොයා දඬුකඳේ ගැසිම ද වියයුතුය.

පාලිත තෙවරප්පෙරුම තමන්ට දැනුම් තේරුම් ඇති පරිදී තමන්ට ක්‍රියාකාරී විය හැකි ඉසව්වේ හැකි පරිදි චණ්ඩි පාර්ට් එකෙන් හෝ ඉ‍ටු කරමින් සිටින්නේ එයය.

පරිපූරක ඇස්තමේන්තුවේ මඩ

පාලිත තෙවරප්පෙරුම වතුරට බැස්සේ ගංවතුර අස්සේ හදිස්සියේම වහන කිහිපයක් ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු කෝටි 25 ක පරිපූරක ඇස්ත්මෙන්තුවට අත උස්ස බවටද චෝදනාවක් දකින්නට ලැබිණි.

එහෙත් ගංවතුර ගැලූ දා හදිස්සියේ පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කළ නොහැක.. ඊට යම් ක්‍රියාවලියක් පවතී. ඒ මීට දින ගනනකට පෙර සකස් කළ එකක් වන අතර ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද කලින් දැනුම් දී තිබිය යුතුය. ඒ අනුව එම නියමිත දින ඒ ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම අමාත්‍යංශ මට්ටමින් කිසිවකුට නොදන්වා අමාත්‍යංශ මුදලින් එම වාහන මිලදි ගැනීමේ හැකියාව අමාතයංශ ලේකම්වරුන්ට තිබියදී ඒ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර රටටම කියා යෝජනා සම්මත කර ගැනීම කෙතරම් විනිවිද භාවයෙන් යුතුද යන්න සලකා බැලිය යුතුය. වහනයක සාධාරණ අවශ්‍ය තාවයක් නොමැතිව ඒ පාර්ලිමේන්තුවට දැන්වීමට තරම් අමාත්‍යංශ ලේකම් වරු මෝඩයන් නොවේ.. පසුගිය රාජපක්ෂ සමයේදී වාහන දහස් ගනනක් සිය හිතවතුන් වෙත බේදා හදාදිමට කටයුතු කර තිබු අකාරය හා සසඳ බැලීමේදි වත්මන් ක්‍රමවේදය වඩා යහපත්ය.

කොහොම නමුත් විවෙචන චෝදනා ඉදිරිපත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කට කතා වෙබ් ගොසිප් පදනම් කරගෙන තමන්ගේ නොදන්නාකම්ද නොහැකියාවන්ද ඊට එකතු කරගෙන සිදු කරනු ලබන මෝඩ විවේචන ද මේ රට, රටක් ලෙස ඉදිරියට යෑම වැලක්වීම වෙනුවෙන් විශාල බලපෑමක් සිදු කරමින් තිබෙන බවද අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

-සුජය

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us