දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් හානි­යට පත්වූ බඩ­ඉ­රිඟු, එළ­වළු සහ වෙනත් බෝග වගා සඳහා රජය දෙන රුපි­යල් කෝටි 38.1කට අධික විශේෂ සහ­නා­ධාර මුදල එම ගොවීන්ට දී ඇතැයි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේන්තු වාර්තා සඳ­හන් කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනමම සේවා ව්‍යවස්ථාවක් සැකසීම එළැඹෙන (2026) ජනවාරි 31 වැනිදාට පෙර සිදුකරන බවත් ඊට අමතරව වැටුප්, ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවටත් සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් පැවැසීය.

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (29) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්රාප්ත  විය.

තත්වයෙන් බාල විදුලි උපාංග භාවිතය හේතුවෙන් විදුලිසර වැදී මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කිරීම සඳහා විදුලි පේනු සම්බන්ධක (ඇඩැප්ටර්) සහ කෙවෙනි ආදිය නිෂ්පාදනයේදී ප්‍රමිති සහතිකය අනිවාර්යය කර ඇතත් ප්‍රමිතියෙන් බාල එවැනි විදුලි උපාංග නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි අනාවරණ වේ.

ld add copy

Connet With Us