ඩ්‍රෝන යානා ගැන පොලිසිය උකුසු ඇසින්

Published in පුවත්
Friday, 06 March 2026 19:38

ඩ්‍රෝන යානා භාවිතා කරමින් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු රැස්කිරීම, ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට පවතින හැකියාව වැළැක්වීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම්දෙයි.

එහි දැක්වෙන්නේ, ඩ්‍රෝන යානා භාවිත කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරිමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්ත්වය වළක්වාලිමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇති බවය.

මෙරට තුළ ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදුකළ යුතු වුවද ඇතැම් ආයතනයන් මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම සිදු කරන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පොලීසිය පවසයි.

එබැවින් ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අලුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධ දත්ත පවත්වාගෙන යාම සඳහාත් පොලිස්පතිතුමා විසින් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us