2025 නත්තල් උත්සවය සැමරීම සඳහා හෙට (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

සෞඛ්‍ය සේවා ආයතනවල නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී පාද අඩවිය පරිශ්‍රයේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට එරෙහි නීති තද කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර තිබේ.

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවකයින් විසින් පිරිසක් විසින් සිය සේවා විශ්‍රාම ගැනීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

ඉදිරි කන්නයේදී කීරි සම්බා සහ සම්බා වී මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පැවැසුවේය.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22 වැනිදා) වාර්තා විය. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) ලෙස සටහන් විය.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us