අද (23) සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ.

අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ.

ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us