විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද (27) පෙරවරුවේ සිටි ලොව පුරා බොහෝ පිරිස් මෙම තත්ත්වයට මුහුණදී තිබුණි. (update 14.35)
-------------------------------------
iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන ඇතැම් පරිශිලකයින්ට Whatsapp Web වෙත ප්‍රවේශවීමට නොහැකි තත්ත්වයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇනහිටීම්-අධීක්ෂණ වේදිකාවක් වන Downdetectorට අනුව, බාධාව සම්බන්ධයෙන් තොරතුරු අඛණ්ඩව වාර්තාවී ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
මේ වනවිටත් මෙම දෝෂය යථා තත්ත්වයට පත් කර නොමැති අතර මේ සම්බන්ධයෙන් මෙටා සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
කෙසේ වෙතත් iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන සියලු දෙනා මෙම තත්ත්වයට මුහුණ නොදෙන බව ද සඳහන් වේ.
-දෙරණ

