බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නීතිවිරෝධී බවය.
වෘත්තීය සමිති නායකත්වයෙන් එල්ල වූ තර්ජන මධ්‍යයේ වූව ද සේවකයින්ගෙන් සියයට 25කටත් වඩා අඩු පිරිසක් පමණක් මීට සහභාගීවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව ඔවුන් සඳහන් කරයි.
දැනට ක්‍රියාත්මක වන ලංවිම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ රජයට විරුද්ධ දේශපාලන න්‍යාය පත්‍රයන්ට සහායදීමේ අරමුණින් කරන කිසිදු ක්‍රියාවකට සහභාගී නොවන ලෙසට සිය සාමාජිකයින්ට උපදෙස් දුන් බව ඔවුන් අවධාරණය කරයි.
ලංවිම ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුවේ සේවකයින් කිසිවෙකු මෙම සංකේත වැඩවර්ජනයට සහභාගී නොවූ බවත්, ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමේ අරමුණින් අනාගතයේදී සිදු කරන එවැනි කිසිදු ක්‍රියාවකට ඔවුන් සහභාගී නොවන බවත් ඔවුන් දැනුම්දෙයි.
මේ අතර මෙම සමිතිවල තර්ජනයට බිය නොවන ලෙසට ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
රටේ යහපත උදෙසා "නියමිත දිනය" ගැසට් කිරීම මගින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අවසන් අදියර කඩිනම් කරන ලෙස ද ඔවුන් බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙහි දැක්වෙයි.
යම් හෙයකින් අදාළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වූවහොත් අනුමත වැටුප් රහිත නිවාඩු ලබාගැනීම අවසර දෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

