සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආපනශාලාවට එරෙහිව නඩු

Published in පුවත්
Saturday, 28 February 2026 09:56

අපිරිසුදු ආහාර ලබාදීම ඇතුළුව චෝදනා හතක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආපනශාලාවට එරෙහිව මරදාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මාළිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඇති මෙම ආපනාශාලාව අපිරිසුදු පරිසරයක පිහිටීමත් අධික ලෙස මැස්සන්ගෙන් පිරී පැවතීමත් ඊට හේතුවයි.

ආපනශාලාවේ ශීතකරණ තුළ අමු මස්, මාළු සමග කොත්තු රොටි වැනි ආහාර ගබඩා කිරීම, ආහාරවල අඩංගු ද්‍රව්‍ය ලේබල්වල සඳහන් කර නොතිබීම, කසළ භාජන විවෘත කර තිබීම, අධික ලෙස මැස්සන් ආහාරපානවල වසා සිටීම සහ ගැවසීම, කාණු පද්ධතිය අපිරිසුදු වීම, ආපනශාලාවේ සේවකයන් බුලත් විට කෑම සහ ආපනශාලාවේ සේවකයන්හට වෛද්‍ය සහතික නොතිබීම යන කරුණු යටතේ නඩු පැවරූ බව සෞඛ්‍ය නිලධාරිහු පැවසූහ.

අඛණ්ඩව සිදුකරනු ලබන මෙම වැටලීම් මගින් ආහාර පනත උල්ලංඝනය කරන සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ආහාර අලෙවිසැල් සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද නිලධාරීහු සඳහන් කළහ.

ඊට අදාළ නඩු විභාගය පසුගිය (29 වැනිදා) මාලිගාකන්ද අධිකරණයේදී විභාග කෙරිණි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපනශාලාවේ කළමනාකාරිත්වය දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් එම ආපනශාලාව එදින (27 වැනිදා) වසා තබා අදාළ නඩුව සඳහා සහභාගි වන බව දැනුම් දී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us