බේරා ගත් ඉරාන නෞකා කාර්ය මණ්ඩලය ගැන අමෙරිකාවෙ මතය

Published in පුවත්
Saturday, 07 March 2026 09:42

ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට එහි සඳහන් වේ.

අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව කියයි.

මෙරට තුළ රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවට අමෙරිකාව ඉල්ලා ඇති බව සඳහන් වේ.

බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමන ලදී.

ඉන් නාවිකයන් විශාල පිරිසක් මිය අතර මෙරට නාවික හමුදාවේ සහාය ඇති ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබීය.
අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල් ගත කෙරුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us