අලුතින් ඉදිවන ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැදී සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් ඊයේ (27දා) නැවතත් දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ 58 වන සැමරුම ඊයේ(27දා) ශ්‍රී ලංකාව සහ රුසියානු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චවා මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

දින සියයේ වැඩසටහනට සමගාමීව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති තේ, පොල් සහ රබර් යන ක්ෂේත්‍රයන්හි උපදේශක සහ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ( 27) වන දින ගරු සභා නායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි. මේ සඳහා ආනයනකරුවන් සහ වැවිලිකරුවන් ද සහභාගී විය. එහි දී ගත් තින්දු තීරණ පහත පරිදි ය.

රාජ්‍ය තන්ත්‍රයේ හට ගැනෙන වංචා දූෂණ මර්දනයට රජයේ ප්‍රධාන වංචා දූෂන විමර්ශන තනතුරක් ඇති කිරීම සඳහා ජාතික හෙළ උරුමය යෝජනා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිලිබඳ මහලේකම්, ජෙෆ්රී ෆෙල්ට්මන් මහතා අද(28) ශ‍්‍රී ලංකාව පැමිණීමට නියමිතය. නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරට ඇති වී තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රවණතාවන් හඳුනාගැනීම ඔහුගේ සංචාරයේ අරමුණවේ.

රජයේ සේවකයන්ට පෙබරවාරි මස වැටුපට රජය ලබාදුන් රුපියල් 5000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය හා වැටුප් කොමිෂන් සභාව එක්ව සාකච්ඡා පවත්වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා කීය.

බස්‌නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර දෙකක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය වෙත ලබාදීම සම්බන්ධව අවධානය යොමුව ඇතැයි කළුතර දිස්‌ත්‍රික්‌කයේ කැබිනට්‌ ඇමැතිවරයකු එම සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වෙත පවසා ඇත.

ld add copy

Connet With Us