ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික නිදහස් පෙරමුණට එකඟතාවයක් පල කර නැතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

බොදුබල සේනාව නිසා තම මැතිවරණ ව්‍යාපාරයටද ප‍්‍රශ්ණයක් වී ඇත්තේ යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් හා පැවසුවේ යැයි අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

වීසා නිකුත් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත ලබාදෙන ගමන් බලපත‍්‍ර රඳවා ගැනීමකින් තොරව මූලික රාජකාරී අවසානයේ ලබාදීමට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර අැත.

අද දේශපාලන පළිගැනීම් සීමා මායිම් නැතුව සිදුවන බවත්, රාජපක්ෂ රෙජිමයට ගැති නොවන ඕනෑම අයෙකුගෙන් මේ ආණ්ඩුව පළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

මීගලෑව ප‍්‍රදේශයේදී දිනිදු යෂේන් ඒකනායක දරුවාව පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් හතරදෙනා බන්ධනාගාරය තුළදී වදහිංසාවකට ලක්ව අැත. ඔවුන් හතරදෙනා දැනට රඳවා සිටින්නේ වාරියපොළ රක්ෂිත බන්ධනාගාරයේයි.

රට තුල තව දුරටත් මගී ප‍්‍රවාහනයේ යෙදීම සඳහා පෞද්ගලික බස් සේවය අවශ්‍ය නම් වහාම පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යංශය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අහෝසි කර ශ‍්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ කර්මාන්තය නියාමනය කිරීම එක් අමාත්‍යංශයක් යටතට පත් කල යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කාන්තාවක්, යකැදුරකුගේ රහසඟ කපා දැමීමේ පුවතක් වාර්තාවෙයි. 

ජාතික නිදහස් පෙරමුණට ආණ්ඩුව වෙනස් කිරීමේ උවමනාවක් නොතිබුණද, ආණ්ඩුවට විරුද්ධව සමාජයෙන් එල්ලවන සාධාරණ විවේචන නිවැරදි කරගෙන ඉදිරියට යාමේ අවශ්‍යතාවක් තිබුණු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ එකඟතාව අනුව ඔවුන් ඒ දෙසට නැඹුරු වී ඇතැයි සිතෙන බවත් එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (06දා) පැවසීය. 

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us