රටේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂව රටේ බහුතරය විසින් ‍තෝරාපත් කරගන්න ලද්දේ ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කෙරුවා වූ යම් කටයුතු ගැන දැන කියාගෙනය. ඔහුට ඡන්දය පාවිච්චි කළ 69 ලක්ෂයක් දෙනාම පාහේ ඒ පරණ ගෝඨාභයව නැවත දකින්නට කැමැත්තෙන් සිටියෝය.

ඊයේ පෙරේදා දවසක පාර්ලිමේන්තුවේ මහ හයියෙන් හරීන් ප්‍රනාන්දු ලොකු කතාවක් කළේ. ඒ අන්තිම හරියේ ' අපි දන්නවා ඔව්වා කරපු හැටි ' යැයි කියා ඇවන්ට් ගාර්ඩ් පටලවමින් අලුත් කතාවක් ගොතන්නට වෙර දැරුවද ඒ කීවෙ මොකක්දැයි කාටවත් තේරුණේ නම් නැත. ඒ නන්දොඩවපු දේවල් වල හැටියට හරීන්ටවත් තමන් කිවේ මොකක්දැයි නොදන්නවාට සැකයක් නැත.

මෙවර මහ කන්නයේ වී නිශ්පාදනයෙන වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදා නම් වේ. මීට පෙර වසර වලදී සාමාන්‍යයෙන් වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක්ට පමණ සීමා වී තිබිණි. වැඩිපුර වී මිලදී ගැනීම වෙනුවෙන් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම පසුගිය වකවානුවේදී සිදු කිරීමටද කටයුතු කර තිබේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කළමනාකරණය කිසිදු විදේශීය සමාගමකට පැවැරීමට තීරණය කර නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව හමුවේ සහතිකයක් ලබාදෙන ලදී.

මේ රටේ එකම සමාජවාදී විප්ලවාදී ව්‍යාපාරය ලෙසත්, හැමදාම ආණ්ඩු බලය අල්ලනවා කියමින් ජනතාව හමුවේ පෙනී සිටින්නට තවමත් උත්සහ කරන ජනතා විමුක්ති පෙරමුණේ නැතිනම් ජාතික ජන බලවේගය නමින් මොඩිෆයි කරන ලද පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සමඟ කරන ලද අපූර්ව පුවත්පත් සාකච්ඡාවක් අද දිනමිණ පුවතෙහි පළ කර තිබේ.

චම්පික රණවක සජබයේ නායකත්වය වෙනුවෙන් සහ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ ඉලක්කය මත සජබය තුල දියත් කළ කුමන්ත්‍රණකාරී මෙහෙයුම ඊයේ දිනයේදී මුළුමනින්ම හෙළිදරව් වී තිබේ.

පළාත් සභා මැතිවරණ කල් දමා දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසිනි. එම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පසුගිය ආණඩුව කල් මරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමටත් පෙර සිටම ගෝඨා ආවොත් හමුදා පලනයක්, මිලිටරි පාලනයක්, හිට්ලර් පන්නයේ පාලනයක් ඇතිවෙනු ඇතැයි කියන මතය බරපතල ලෙස සමාජ ගත් වී තිබිණි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us