ඉතිහාසයේ අරාජකම සහ පරාජිතම කාලය මෙය ලෙස හැඳින්වූවාට වරදකුත් නැත. එම කාලය තුළ රටවත් ජනතාවත් අත්පත්කරගත් ජයග්‍රහණ නැත. ඊටත් වඩා ඔවුන් විසින් ජනතාව හමුවේ ලබාදුන් පොරොන්දු කන්දරාව ඔවුන් විසින්ම සීසී කඩකර දමමින් එම පාක්ෂිකයාව දරුණු ලෙස රැවැටීම බරපතල විය.
එමෙන්ම මේ වන විට එජාපය සජබය සහ ජවිපෙ පෙන්වමින් තිබෙන විසුළුකාරීත්වය අසමත්භාවයන් අනුව මතු පරම්පරාව හෝ මේ පිරිස් වෙත බලය ලබාදීමට කටයුතු නොකරනු ඇත. විගඩම්කාරයන් නටන විකාර මිස අඩුම තරමින් අදත් සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් සිදුවන්නෙ කුමක්ද යන්න ගැනවත් නිවැරදි කියවීමක් මොවුන් සතුව නැත. ඔවුන් විසින්ම සමාජගත කරන ලද පට්ටපල් බොරුවලට ඔවුන්ම රැවැටී ඒවා සත්‍යයැයි විශ්වාසකරමින් ඒ මත්තෙම නැහෙනවා මිස වෙන අලුත් දෙයක් ඔවුන් වෙතින් ප්‍රකාශට පත්වද නැත. මේ නිසා ආණ්ඩුව ඔවුන්ට අභියෝගයක් වී ඇති බවවත් දකින්නට හැකියාවක් මොවුන්ට නැත. මේ තත්වයන් මත මේ රටේ ජනතාව කොහොමටවත් මේ විපක්ෂ බලවේග වෙත බලය ලබාදීමක් ගැන කල්පනා කරන්නේ නැත.
මේ නිසා 2024 දී ගෝඨාභය යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත් නැතත් රාජපක්ෂ නමින් පොල්ලෙල්ලක් දැම්මත් එය ජයග්‍රහණය කරනවා විනා වෙනකක්වීමට නියමිත නැත. වරක් බන්දුල ගුණවර්ධන මේ කතාව කිව්වාම සමහරු අපහාසයට ගත්තේ වූවද මිනිසුන් තුල රාජපක්ෂලා කෙරෙහි තිබෙන විශ්වාසය ආදරය අවබෝධය නිසා මිනිස්සු රාජපක්ෂ පවුලේ කවර සාමාජිකයකු තමන්ගේ නායකයා ලෙස ඉදිරිපත් වූවත් ඒ පිළිගැනීමට දෙවරක් හිතන්නෙ නැත. ඒ, මිනිසුන්ගේ ඇති නොදැනුමත්භාවය, නුගත්කම හෝ නිසා නොවේ. එහෙම වෙන්නේ රාජපක්ෂලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ කී දේවල්වල ප්‍රබලත්වය නිසාය. ජනතාව සමඟ රාජපක්ෂලාට තිබෙන බැඳීම විපකෂයේ නරිනාඩගම්වලින් බිඳ දැමිය නොහැක. රටට ද්‍රෝහී වූ ජනතාවට ද්‍රෝහි වූ තමන්ගේම පාක්ෂිකයාට ද්‍රෝහි වූ, විපක්ෂයට වෙන වෙන වෙස් මූණු බැඳගෙන ආවා කියාවත් ජනතාව රැවැටීමට තවත් අවස්ථා ජනතාවගෙන් ලැබේයැයි සිතිය නොහැක. මන්ද වෙස්මූණ අලුත් වූවාට කඳ නිරුවත් නිසාය.
ඒ කොහොම වූවත් අද ගෝඨාභය රාජපක්ෂ පාලනය වඩ වඩා ශක්තිමත්ව තමන් පොරොන්දු වූ සෞභ්‍යග්‍යමත් දේශය ගොඩනගමින් සිටී. දිනෙන් දින ඊට සහයෝගය දක්වමින් ජනතාව ඔහු වටා ඒකරාශීවීම මඟින් පෙන්නුම් කරන්නේ එයය. සමාජ ජාලා තුල ගෝඨා පාලනයට එරෙහිව මේ බංකොලොත් විපක්ෂ කණ්ඩායම් විටින් විට ප්‍රහාරයන් එල්ල කළත් එය අභිබවා විපක්ෂයට පහර දෙන පිරිස් මතුවීම මඟින් පෙන්නුම් කරන්නේද එයය. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ආරම්භ කරන මතවාදී ප්‍රහාරයන් පවා ලත් තැනම ලොප් වී යන බව මේ සමාජ ජාලා නිරීක්ෂණය කිරීමෙදී ඉතා පැහැදිලි වේ.
මේ අනුව තමන්ට සිදුවී ඇත්තේ කුමක්දැයි විපක්ෂය තේරුම් ගත යුතුය. තවදුරටත් ඔය කරමින් යන බංකොලොත් දේශපාලනයේ තේරුමක් නැති බව තේරුම් ගත යුතුය. තමන්ව එකහෙළාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බව තේරුම් ගත යුත්තකි. එහෙත් යළි ගොඩනගන්නට බැරි තරමට ජරා ජීර්ණ වූ පජාත වූ දේශපාලනයෙන් දැන් තමුන්ටවත් වැඩක් නැති බව තේරුම් ගත යුතුය. ජවිපෙ වැනි සංවිධානයකට හැකි නම් පාරට බැස සුපුරුදු කැට ව්‍යපාරයක් පවත්වා පෙන්වන ලෙස කිසිවකුට පොඩි අභියෝගයක් කළ හැක. එහෙත් ඒ කැට හොල්ලන්නත් පෙර මිනිස්සු ගහලා නොඑළෙව්වොත් එය පුදුමවීමට තරම් පුවතක් වෙනුද ඇත.
පසුගියදා දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම විසින් විපක්ෂයේ නායකයන් රැසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කර තිබිණි. විපක්ෂයේ උත්තමයෝ සිතුවේ මේකට එරෙහිව සමාජයෙන් මහා විරෝධයක් මතු වෙනු ඇති බවය. එහෙත් එහෙම විරෝධයක හාංකවිසයක තරම්වත් ආරංචියක් ගැන දැනගන්න ලැබුණේ නෑත. ඔවුන්ගේ නහයෙන් ඇඬීම ගැන ඔවුන් විසින්ම සමාජ මාධ්‍ය ඔස්සෙ කළ ප්‍රචාරයන් මිස මිනිස්සු ඒ ගනන් ගත්තේවත් නැත. ජවිපෙ විසින් සංවිධානය කළ ඒ මහා රැළියට තබා තිබු පුටු 200 හෝ පුරවාගන්නට ඔවුන්ගේම පාක්ෂිකයන්වත් ආවේ නැත. ඒ තරමට දැන් විපක්ෂය පජාත වී තිබේ. ඒ අනුව තවදුරටත් පිරිහෙමින් විනාශ වෙමින් දියවී යනවා මිස කොහොමටවත් නැගීමක් නම් වන්නේ නැති බව සහතිකය.
දැන් තමන්ගේ ජාම බේරාගන්නට නම්බුව බේරාගන්නට මේ විපක්ෂ නායකයන්ට කළ හැක්කේ ඔය පරාජිත දේශපාලන පක්ෂ කණ්ඩායම් සොච්චම විසුරුවා හැර පැත්තකට වී වෙන දෙයක් බලාගෙන සිටීමය. කප්පංවලින්,හොරකම්වලින්,රැවැටීමෙන්, අනුන්ගෙන් කඩාවඩා ගැනීමෙන්, වැලැකී මොනවා හරි සාධාරණව හම්බකරගෙන ජීවත්වීමක් ගැන ඔවුන් දැන්වත් කල්පනා කළොත් ඔවුන්ගේ දරුමුණුබුරන්ටවත් බයක් ලැජ්ජාවක් නැතිව මේ සමාජයේ ජීවත්වන්නට හැකියාව ලැබෙණු ඇත.
- the novemberist