මේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව නව මුල්‍ය ප්‍රතිපත්තීන් ගනනාවක් අනුගමනය කරමින් යම් අවදානම්කාරී ගමනක් යමින් තිබේ. කොරෝනා වෛරසය හමුවේ ලෝකයම ආර්ථික වශයෙන් යම් හිරවීමකට ලක්වූ අතර ශ්‍රී ලංකාවටද ඒ අත් විඳින්නට ලැබිණි. එසේම ලෝකයේ බලවත්ම රාජ්‍යවලට මුහුණ දීමට සිදුවන අර්බුදයන් සහ ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටවලට මුහුණදීමට සිදුවෙන ගැටලුවලද විශාල වෙනස්කම් තිබිණි. වසංගතය හමුවේ හදිස්සියේ ගත යුතු වූ ක්‍රියාමාර්ග ගැන ලෝකයටම නිශ්චිත අදහසක් තිබුණේ නැත. මේ නිසා බොහෝ විටම සිදු වූයේ ඒ ඒ රාජ්‍ය මට්ටමින් හඳුනාගත් නව මුල්‍ය ප්‍රතිපත්තීන් වෙත මාරු වීමය. ඒ අනුව ශ්‍රීලංකාවටද නව මුල්‍ය ප්‍රතිපත්තීන් වෙත මාරුවීම අනිවාර්ය කරතිබිණි. තවදුරටත් පැරණි සාම්ප්‍රදායික මුල්‍යමය සංකල්ප, ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යෑම තබා, සිදුවෙමින් පවතින දේ විග්‍රහ කරගැනීමත් අපහසු විය.
පසුගිය වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන් කැඳවා පවතින තත්වයන් ජයගැනීම වෙනුවෙන් නව මුල්‍ය උපකරණ (ටූල්ස්) බාවිතා කරන්නැයි එම නිලධාරීන්ට තරමක් තදින් පවසන්න සිදුවූයේ සාම්ප්‍රදායික උපකරණ පාවිච්චියෙන් තවදුරත් ඉදිරියට යෑමට නිලධාරීන් අදිමදි කිරීම සහ ඒ වෙනකොට තිබූ මුල්‍ය නීතිරීති ආදිය ඊට බාධාකර තිබුණු බැවිනි. ඒ ගැන එදා උසුලු විසුලු කිරීම් මෙන්ම විවේචනයන්ද බහුලව සිදුවූවත් විය යුතුව තිබූ නිවැරදිම දේ එය විය. අපට අලුත් ටූලස් යොදාගැනීමට සිදු විය. ඒ අනුව මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් උහුසුලුව පියවරයන් රැසක් වෙත මාරු විය. එසේ නොවන්නට අද අප මුහුණ දෙන ආර්ථික ගැටලු අර්බුදයක් කරා ගොස් යළි ගොඩ ඒමට නොහැකි තරම් වළකට වැටෙන්න නියමිත විය.
ආණ්ඩුව ගත් නව පියවරයන් ගැන සමාජයට තිබෙන නොදැනුමත් භාවයන් සහ පැරණි මුල්‍ය න්‍යායන් තුල පිහිටමින් දේවල් තේරුම් ගැනීමට හෝ විවේචනය කරන්නට යෑම තුල වත්මන් ආණ්ඩුව කරකියා ගන්නට බැරි තරමට මේ ආර්ථික ක්ෂේත්‍රයේ අසමත් ඇති බවට විපක්ෂය ගොඩනගූ ප්‍රවාදවල රටම දැන් පැටලී තිබේ.
මේ දිනවල විපක්ෂයේ දේශපාලකයන් සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් තුල දැඩිව මතුකරනු ලබන කරුණක් වී ඇත්තේ ආණ්ඩුව හිතු හිතූ ලෙස මුදල අච්චු ගහමින් තමන්ගේ වියදම් පියවා ගැනිමට කටයුතු කරමින් ඇති බවත් මේ නිසා නුදුරේම පාන් ගෙඩියක් ගන්නත් විල්බැරෝවක් පුරවා සල්ලි ගෙන යන්නට වන තරමට උද්ධමය ඉහළ ගොස් රටම අර්බුධයකට යනු ඇති බවත්ය. මෙයට බොහෝ කලකට පෙර සිම්බාබ්වේ රාජ්‍යයට සිදුවූ දේ උදාහරණ කොට පෙන්වමින් ද තිබේ. මෙයට තවත් පදනමක් නැති කයිකතන්දර එකතු කරගනිමින් ආණ්ඩුව සල්ලි අච්චු ගසන්නේ තමන්ගේ ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට බෙදාදීමට යැයි වැනි පට්ටපල් කෙබර ද පවසමින් තිබේ. මේ කෙබර වැඩි වශයෙන් ප්‍රචාරය කරන්නේ පාඨලී චම්පික රණවක ප්‍රමුඛ ඔහුගේ හෙන්චයියන් සහ ජනතා විමුක්ති පෙරමුණය. ඒ ඔවුන්ගේ ඇත්තම නොදැනුමත්භාවයද නැතිනම් දැනගෙන ජනතාව නොමඟ යවා ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගීමේ තක්කඩි මෙහෙයුමක්ද යන්න වෙනම කල්පනා කළ යුතුය.
ඒ කොහොම නමුත් නව ආර්ථික ප්‍රවණතා ගැන ප්‍රමණාත්මක අවබෝධයක් ඇති කිසිවකුත් මුදල් අච්චු ගැසීම වැරදි ක්‍රියාමාර්ගයක් බව කියන්නේ නැත. එහෙත් මෙහිදී මුදල් අච්චු ගැසීම පමණක් නොව ඒ හා බැඳුනු අනෙක් ආර්ථික ක්‍රියාවලියද නිසියාකාරව ක්‍රියාත්මකවීම වියයුතුය. එහිදී සිදුවන අඩුපාඩුවක් වේ නම් ඒ ගැන කරන විවේචනයන් සාධනීයව බාර ගැනීමට හැකිය. අනෙක මේ නව පියවරයන් ලෝකයට අලුත් අත්දැකීම් ලබාදෙනවාක් මෙන්ම පූර්ව අත්දැකීම් මදකම නිසා අවදානම්කාරීද වේ. ඒ නිසා ඒවා ගැන නිරන්තර සංවාද විසංවාද ඇතිවීම වියයුතු සාධනීය දෙයකි. එහෙත් චම්පිකලා සහ ජෙප්පො මැදිහත්වන්නේ එයට නොවේ. ඔවුන් කරන්නේ ''ඔන්න සල්ලි අච්චු ගසනෝ රට ඉවරායි'' කියාගෙන වල්ගෙට ගිනි ඇවිලුණු වඳුරු තඩියා මෙන් රට අවුලවමින් කෑ ගහ ගගහා දිවීමය. ඒ බල ලෝබී පටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් පෙන්නුම් කරන තක්කඩිකම නොවේ නම් වුන්ගේ අමු මුග්ධකමයි.
සාමාන්‍යයෙන් මුදල් අච්චු ගැසීමක් නැතිනම් මුද්‍රණය කිරීමක් කියන්නේ රාජ්‍යයන් මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලදී අවසන් වශයෙන් ගන්නා එක් පියවරක් වේ. රාජ්‍ය ආදායම් ප්‍රමාණවත් නොවීම, රාජ්‍ය වියදම් අධිකවීම අතර පරතරයන් පියවා ගැනීමට හෝ රජයේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් ණයට ගැනීම්, බැඳුම්කර විකිණිම, බිල්පත් විකිණීම අදිය සිදුකර අවශ්‍යතාවය පියවා ගැනීමට නොහැකි වූ තැන මුදල් මුද්‍රණයට මහ බැකුව තීරණය කරයි. මුදල් මුද්‍රණය කිරීමත් එහෙම ආවාට ගියාට කරන්න නොහැකිය. ඒ සඳහා සැලකිය යුතු නිර්ණායකයන් තිබේ. රටේ විදේශ සංචිත, රත්තරන් සංචිත, විනිමය අනුපාත අගයන්, පොලි අනුපාතයන්, උද්ධමය ආදී බොහො දේ ගැන කරන ගනන්තැබීමකින් පසුව මුද්‍රණය කෙරෙන මුදල් ප්‍රමාණයන් තීරණය වේ. මෙතෙක් කල් සිදු වුයේ එලෙසය. ඒ සාම්ප්‍රදායික මුලය ප්‍රතිපතීන් යටතේය.
එහෙත් වර්තමානයේදී අනුගමනය කරන ප්‍රතිපති වෙනස් වී තිබේ. මුදල් මුද්‍රණය කිරීම යනු රටේ නිශ්පාදනයකින් තොරව මුදල් මැවීමක් වන අතර එය මහ බැංකුව විසින් ලබාගන්නා ණයක් ලෙස අර්ථකතනය වේ. මේ ණය ගැනීම වරදක් නොවේ. එහෙත් මේ ගන්නා ණය වියදම් කිරීමට අවස්ථාවන්, ක්‍රමවේදයන් හා එය පියවා ගැනීමේ ක්‍රමවේදයන් රටේ තිබිය යුතුය. එසේ නොමැති වුවහොත් මුදලේ අගයන් පිරිහී මුල්‍ය ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවිය හැකිය.
මේ නිසා නව මුල්‍ය සංකල්පයන් අනුව රජය රට තුළ නව ආර්ථික ක්‍රියාකාරකම්වලට විශාල ඉඩක් සපයා දිය යුතුය. රජය විසින් නව සාමාජීය සහ ආර්ථික ව්‍යාපෘතින් හඳුන්වා දෙමින් මුල්‍ය සංසරණයට ඇති බාධා ඉවත්කර හැකි සෑම මාවතක්ම විවර කිරීම විය යුතුය. මේ හරහා අවශ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් මුද්‍රණයකර ණය සැපයීම ආදිය මඟින් මේ මුදල් සංසරණයට යෙදවීම සිදුකෙරෙන අතර ඒවා නැවත් බැංකු හරහා නැවත රැස්කර ගත හැකිය. ණය ලබාදෙන තරමට මුදල් සංසරණය විශාල වේ. මේ හරහා රටේ ආර්ථිකයේ නිශ්පාදන සම්පත් ධාරිතාවය සංවර්ධනය වන අතර නව රැකියා අවස්ථා නිර්මාණයවීම ආදිය නිසා රට තුළ නිර්මාණය වියහැකි ආර්ථික විෂමතාවයන්ද පාලනය කෙරෙයි. මේ ගැන වන පූර්ව ගනන් තැබීම අනුව මුදල් අවශ්‍ය තරමට මුද්‍රණය කිරීම වරදක්වන්නේ නැත. දැනට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය සැකවින් එසේය.
එසේම සැලකිල්ලට ගත යුතු අනෙක් දේ නම් නව මුල්‍ය සංකල්පයන් යටතේ ණය ලබාගැනීමම එහි පදනම වී තිබෙන බවය. මෙහිදී උද්ධමය ඉහල ගොස් මහ අර්බුද හට ගන්නවාය කියන පැරණි මතය නොසලකා හැරේ. කොටින්ම රජයේ බදු ආදායම් ගැනද පැරණි පන්නයේ අර්ථකතනයන් ද මෙහිදි සැලකීමක් නැත. පසුගිය වසරේදී වැට් බදු අඩුකරමින් ව්‍යාපාරික ප්‍රජාවට උත්තේජනයක් සැපයීමට කටයුතු කළේ ද ඒ තවදුරටත් එසේම පවත්වාගෙන යෑමට තීරණය කළේද බදු ආදායමට වඩා රටේ ආර්ථික ක්‍රියාකාරකම් වියයුතු බැවිනි. රජය තමන්ගේ ආදායම් අහිමි කරගත්තාය යනුවෙන් විපක්ෂය චෝදනා කළේ රජයේ නව මුල්‍ය ප්‍රතිපත්තීන් ගැන නොදැනුවත් කම නිසාය. මෙලෙස බොහෝ පැරණි නිර්ණායකයන් නව මුල්‍ය සංකල්පයන් යටතේ අත්හැර තිබේ.
මේ අනුව ලෝකයේ සාම්ප්‍රදායික මුල්‍ය සංකල්පයන් බිහිකිරීමට දායක වූ ලොව බලවත් රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් දක්වා අද නව මුල්‍ය සංකල්පයන්වලට මාරු වී සිටි. ඔවුන් විශාල වශයෙන් මුදල් මුද්‍රණය කරමින්, ණය නිකුත් කරමින් ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට යොමුව තිබේ. ආර්ථිකයේ නිශ්පාදන ධාරිතාව පුළුල් කරමින් නව අවස්ථා උදාකර ගනිමින් රජය එම වියදම් දැරීම නිසා උද්ධමනය ඉහළ යනවාය කියන මතයට බිය නොවියුතු බව නව මුල්‍ය සංකල්පය තුලදී පෙන්වා දෙනු ලබයි. මන්ද නව ව්‍යාපෘති, රැකියා ප්‍රමාණයන් ඉහළ යෑම සහ නිශ්පාදනයන් ඉහළ යෑම තුළ පාරිභෝජන අවස්ථා වැඩි වෙයි. මුදලට අගයන් එකතුවේ. යම් ලෙසකින් උද්ධමය ඉහළ යාම සිදුවේ නම් රටේ අතිරික්ත මුදල් නැවත් ඒක රාශිකර ගැනීම වෙනුවෙන් බදු පැනවීම කරමින් එය පාලනය කළ හැකිය. මෙම නව ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම බව අද ලෝක මුල්‍ය ක්ෂේත්‍රයේ පිළිගැනීම බවට පත් වී තිබේ.
එහෙත් ශ්‍රි ලංකාව වැනි රටවල් මුහුණ දෙමින් තිබෙන විදේශ ණය ගැටලුව විසඳා ගැනීම සඳහා මෙතැනින් එහාට ගිය වෙනත් ක්‍රමවේදයන් සොයා ගතයුතුව තිබේ. මුදල් මුද්‍රණය නිසා සහ සැපයුම ඉහළ යන විට ආනයනයන් ඉහළ යෑම සිදුවන්නේ නම් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ ගැටලු පැන නගී. එහිදී ද උද්ධමනය පිළිබඳ ගැටලු පැන නැගිය හැකිය. වර්තමානයේදී ආනයන සීමා පනවා ඒ පාලනය කිරීමට පියවරයන් ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. එහෙත් රුපියල අවප්‍රමාණයවීමත් අපනයන ආදී කටයුතුවලදී ආර්ථිකමය වශයෙන් වාසිදායක බව අද පෙනීගොස් ඇත. එම නිසා මේ අනවශ්‍ය ලෙස පාලනය කිරීමද යෝග්‍ය නොවන බව නව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. කොහොම නමුත් මේ ගැටළු නිසි පරිදි කළමණාකරනය කිරීමට ආණ්ඩුව සමත් වේ නම් මුදල් අච්චු ගැසීම කිසිසේත්ම ගැටලු සහගතවන්නේ නැති බව කිව යුතුය.
වත්මන් ආණ්ඩුව මේ වන විට අරඹා ඇති සංවර්ධන ව්‍යාපෘතීන්,දේශීය කෘෂි කර්මාන්ත සහ කාර්මික කර්මාන්තවලට වැඩි බරක් යොදමින් ඒ ප්‍රවර්ධනය කිරීම, සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැංවීම ,ව්‍යාපාරික සහ පෞද්ගලික ණය ව්‍යාපෘතීන්, බදු සහන ආදිය ගැන ගැන විමසිලිමත්ව බැලීමේදී මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය සමඟ ඒවායේ ඇති සම්බන්ධය පැහැදිලි කරගත හැක.
මේ නිසා කරුණුකාරණාවල සත්‍ය තත්වයන් විකෘතිකර බොරු බිල්ලෝ මවමින් විපක්ෂය නටන නාඩගම්වලට රටේ පුරවැසියා අසු නොවී සිටීම මේ යුගයේ පුරවැසියාගේ වගකීම් සහගත පිළිවෙත වියයුතුව තිබේ. එමෙන්ම මේ සත්‍ය තත්වයන් ගැන පාලකයාද පුරවැසියා සමඟ සමීප සාකච්ඡාවකට යෑමද වියයුතුව තිබෙන්නකි. නැතිනම් වන්නේ දුෂ්ඨ බලලෝබී වුවමණාවන් සමඟ සිටින දේශපාලන බලවේග වලට, යළිත් වතාවක් රට වළපල්ලට ගෙන යන්නට අවස්ථාව සලසා දීමකි.
- the novemberist